ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව ඔවුනගේ රුපියල් ලක්ෂ 10ක උපරිම ස්ථාවර තැන්පතු සඳහා සියයට 10ක පොලියක් වසර දෙකක කාලයක් සඳහා ලබාදීමට තීරණය කර ඇත.දැනට ඒ සඳහා ලබා දෙන්නේ සියයට 8.5 පොලියකි.මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇත.