2022 වසරේ ජාත්‍යන්තර හමුදා ක‍්‍රීඩා කවුන්සල දින ධාවනය පසුගිය 20 වැනිදා පැවැත්විණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් එය ආරම්භ වූ අතර ඒ සඳහා ආරක්ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා කවුන්සලයේ සභාපති හා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් සහභාගි වූ අතර මෙම ධාවනයෙහි සම්පූර්ණ දුර කිලෝමීටර් 4 කි. එහි අවස්ථාවක් මෙහි දැක්වේ.

සෑම වසරකම පෙබරවාරි මස 18 වැනි දින ලොව පුරා ජාත්‍යන්තර හමුදා ක‍්‍රීඩා කවුන්සිල දිනය සමරන අතර මෙම සැමරුම් ධාවනය මගින් ලෝකයට එහි තේමා පාඨය වන ක‍්‍රීඩාව තුළින් මිත‍්‍රත්වය යන්නෙහි අර්ථය ලොවට ප‍්‍රදර්ශනය කෙරේ.