ජාත්‍යන්තරයට යාමට කතොලිකන්ට අයිතියක් තිබෙනවා- ඕමල්පේ හිමි

74

පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධ ප‍්‍රශ්නය ජාතික මට්ටමින් විසදා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැුගෙන යෑමට කතොලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කරති.

තමන්ගේ ප‍්‍රශ්නය පිළිබ`දව සෑහීමකට පත් නොවන්නේ නම් ඔනෑම අයකුට අධිකරණයේ තිබෙන ඉහළම තැනට යෑමට අයිතිය තිබිය යුතු බවද සෝභිත හිමියෝ පවසති.

කිසිවකුටත් ඊට විරුද්ධ විය නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යෑම රටට ද්‍රෝහී වීමක් නොවන බවද පෙන්වා දෙති.

එනිසා මේ අවස්ථාවේ කතෝලික ජනතාවගේ තීන්දුවට සමස්ත බෞද්ධයන්ගේ එක`ගතාව මෙන්ම සහයෝගයද හිමිවිය යුතු බව උන්වහන්සේ වීඩියෝවක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment