ජාතිකවාදයෙන් වංචාව වහන්න බැහැ – ඇමරිකානු හින්ඩන්බර්ග් ආයතනය අදානි සමාගමට කියයි

253

ඉන්දියානුවන් කොල්ලකන අතරතුර ‘අදානි’ ඉන්දීය ධජයෙන් සැරසී සිටින බව ඇමරිකාවේ හින්ඩන්බර්ග් ආයතනය ප්‍රකාශ කර ඇත.

හින්ඩන්බර්ග් ආයතනය මේ කරුණු හෙළිකර ඇත්තේ අදානි සමාගම කොටස් වංචා සිදුකර ඇති බවට හෙළිදරව්වීමෙන් පසු අදානි සමාගම ලබාදුන් පිටු 413 ක පැහැදිලි කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.

අප විසින් එල්ල කළ චෝදනා නොසලකා හරිමින් ජාතිකවාදයෙන් වංචාව වැසිය නොහැකි බව ඇමරිකානු ආයතනය ප්‍රකාශ කරයි.

ඇමරිකානු අයතනය කළ හෙළිදරව්ව නිසා ඩොලර් බිලියන ගණනින් අදානි සමූහයේ කොටස් අගය පහළ වැටී ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment