අභිනව ජාතික ආරක්ෂක විද්‍යාලය විවෘත කරමින් ජනපති පවසයි
සෑම වසරකම මිත්‍ර ජාතීන් පිරිනමන පාඨමාලා නිලධාරින් කිහිපදෙනකුට විශාල ප්‍රතිලාභයක් සැලසුවද තවත් බොහෝ පිරිසකට එම අවස්ථා අහිමි වූ හෙයින් ජාතික ආරක්ෂක විiාලය එවැනි අත්දැකීම් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් වැඩි කිරීමට හේතුවනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11දා) පැවසීය.
කොළඹ ගාලූපාර කොල්ලූපිටියේ පිහිටි පැරණි කථානායක නිල නිවස පිහිටුවා තිබූ මුම්ටාස් ගොඩනැ`ගිල්ලේ අභිනව ජාතික ආරක්ෂක විද්‍යාලය ඊයේ (11දා) විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.
ජාතික ආරක්ෂක විද්‍යාලය විසින් සපයනු ඇතැයි අධ්‍යාපන පාඨමාලා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා රාජ්‍ය සේවා නිලධාරීන් සඳහා ද විවෘත වන බවත් මෙහි එන ආරක්ෂක හා ක්‍රමෝපායික පාඨමාලා හදාරන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ඉදිරියේ ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන්ම හමුදාපති පදවිය දැරීමටද අවස්ථාව ලැබිය හැකි බවද ජනාධිපතිවරයා එහිදී කීවේය.
මෙම විiාලයෙහි ප්‍රථම පාඨමාලාව අද (12) සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10 ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වේ. ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 ක් හා පොලිසියේ නිලධාරීහු 4 දෙනෙක් ද සහභාගී වෙති.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, විශ්වවිද්‍යාල කුලපතිවරු හා උපකුලපතිවරු අතර පිරිසක් ද ඊට එක් වී සිටියහ. ජාතික ආරක්ෂක විiාලයේ නිල වෙබ් අඩවියද ජනාධිපතිවරයා එහිදී එළිදැක්වීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක්
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට අතීතයේ දී තිබුණේ නැහැ.
සෑම වසරකම මිත්‍ර ජාතීන් විසින් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිප දෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුවද, තවත් බොහෝ පිරිසකට මෙම අවස්ථාව අහිමි වුණා.
එබැවින් මෙම විද්‍යාලය පිහිටුවීමෙන් සෑම වසරකම එවැනි අත්දැකීමක් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වෙනවා.
ජාතික ආරක්ෂක විද්‍යාලයෙහි ඉහළ මට්ටමේ ආරක්ෂක සහ ක්‍රමෝපායික පාඨමාලා හදාරන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන්ම හමුදාපති තනතුරද දැරීමට අවස්ථාව ලැබිය හැකියි.
ජාතික ආරක්ෂක විද්‍යාලය මගින් එවැනි නිලධාරීන්ට ලබාදෙන අධ්‍යාපනය, එවැනි තනතුරුවල සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය ක්‍රමෝපායික මානසිකත්වය නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය වනවා.
ජාතික ආරක්ෂක විද්‍යාලය වෙනත් රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ආකර්ෂණය ද දිනාගනු ඇතැයි මම අපේක්ෂා කරනවා.
ජාතික ආරක්ෂක විද්‍යාලය මගින් ලබා දෙන උසස් මට්ටමේ අධ්‍යාපනයෙන් ඔවුන් ප්‍රයෝජන ලබාගන්නා අතරම ඔවුන්ගේ සහායකයන් වෙත පුළුල් ජාත්‍යන්තර දර්ශනයක් සහ උද්දාමයක් එක් කරනවා.
ජාතික ආරක්ෂක විද්‍යාලය විසින් සපයනු ලබන ඇතැම් අධ්‍යයන පාඨමාලා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය සේවා නිලධාරීන් සඳහා ද විවෘත වෙනවා.
පශ්චාත් උපාධි ප්රදානය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද ප්‍රතීතනය කර ඇති ජාතික ආරක්ෂක විද්‍යාලය (භෘක්) හි ඇති අධ්‍යයන පාඨමාලා හැදැරීමට ඔවුන් අවස්ථාව ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඉන්දියන් සාගරයේ, පෙරදිග සහ අපරදිග යා කරන ශ්‍රී ලංකාවේ භූ මූලෝපායික පිහිටීම සලකා බැලීමේදී ක්‍රමෝපාය පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබීම අතිශයින් වැදගත් වෙනවා. මෙම ස්ථානගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට බහුවිධ අවස්ථාවන්ට මෙන්ම අභියෝගවලටද මුහුණ දීමට සිදුවෙනවා.
හමුදාවේ මෙන්ම රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ක්රමෝපායන් සලකා බැලීම් මෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ඒවා සම්බන්ධයෙන් පවතින ක්‍රමෝපාය පිළිබඳව දැනුවත් විය යුතුයි.
මෙම ජාතික ආරක්ෂක විද්‍යාලයට ඇතුළත් වන අයට මෙම අංශවල ගැඹුරු පදනමක් පමණක් නොව, ඔවුන්හට උපායශීලීව සිතීමට, යම් අවස්ථාවක් දෙස සමස්තයක් ලෙස බැලීමේ හැකියාව සහ සුදුසු ලෙස නව්‍යකරණය කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.
මෙම සන්දර්භය තුළ, භෘක් හි සමාරම්භක පාඨමාලාවට සහභාගී වන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 27 දෙනා සහ පොලිස් නිලධාරීන් 4 දෙනා වෙත මම සුබ පතනවා.
මෙම ආයතනයේ ඔබ ලබන අත්දැකීම් ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට හොඳ ස්ථාවරයක් එක්කරනු ඇති අතර, මෙම ආයතනය තුළ ඔබව අනුගමනය කරන සියලූ දෙනාටම ඔබ සවිමත් ආදර්ශයක් සපයනු ඇතැයි මම විශ්වාස කරනවා.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි. ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපාය මාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම ‘‘ජාතික ආරක්ෂක විද්‍යාලයේ’’ මෙහෙවර ලෙස සැලකෙයි.
කොළඹ විශ්වවිද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඕස්ටේ්රලියානු ආරක්ෂක පුහුණු විiාලය, ඇමෙරිකාව හා පකිස්ථානය යන රටවල විශේෂඥයෝ මෙහි විෂය නිර්දේශ කමිටුවේ සම්පත්දායකයෝ වූහ. චීන රජය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් හා පකිස්ථානු රජය පුස්තකාලයක් ඉදිකිරීමට දායකත්වය සපයා ඇති අතර පුස්තකාලය සඳහා පොත් ලබාදීම ඕස්ටේ්රලියානු රජය හා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කර තිබේ.