ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛ ‘ඩියුටියයි’

214

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මූලිකව කටයුතු කිරීම තම රාජකාරි ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න බව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (29 දා) ප්‍රකාශ කළේය.

වසර විසිපහක කාලයක් මුළුල්ලේ පොලිසියේ විවිධ තනතුරු දැරූ තමා එම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකා ජනතාවගේ යහපත උදෙසා පොලිස් සේවය ඉදිරියට මෙහෙයවන බව ද කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවන් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට පැවැසීය.

රටේ පවතින මත්ද්‍රව්‍ය පිළිබඳ තත්ත්වය තුරන් කිරීම, සංවිධානාත්මක අපරාධ වලින් ඇතිව තිබෙන තර්ජන, කප්පම් සිද්ධීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකිරීම ද තමාගේ රාජකාරී ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

උක්ත කරුණු සියල්ල ක්‍රියාවට නැංවීම සඳහා තමා සතුව වැඩපිළිවෙළක් පවතින බවත්, එය ක්‍රියාත්මක කිරීම සඳහා සැමගේ සහාය බලාපොරොත්තු වන බවත්, දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment