ජාතික කනිෂ්ඨ මේස පන්දු බාලක ශුරතාව – මහනුවර හිල් කන්ටි්‍ර ජාත්‍යන්තර පාසලට

52

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද 2021 ජාතික කනිෂ්ඨ මේස පන්දු ශුරතාවලියේ වයස අවුරුදු 13න් පහල බාලක ශුරතාවය දිනා ගැනීමට මහනුවර හිල් කන්ටි්‍ර ජාත්‍යන්තර පාසලේ ශයිෆුල් හක් සමත් විය. ඒ අවසන් තරගයේදී කොළඹ රාජකීය විදුහලේ ජේ. බටුගෙදර ක්‍රීඩකයා ලකුණු 11- 07, 11- 08 හා 12-10ක් ලෙස පරාජයට පත් කරමිනි.

මෙම තරගාවලිය පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත් වූ අතර, පසුගිය කාලවකවානුවේ රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල්දමන ලද තරගාවලියකි.

ජයග්‍රහණය කරන ලද ශයිෆුල් හක් ක්‍රීඩකයාගේ පුහුණුකරු ලෙස නිර්මල ජයසිංහ මහතා කටයුතු කරයි.

ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන
 

advertistmentadvertistment
advertistmentadvertistment