ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලයයි

146

ජාජබ නායක අනුර කුමාර දිසානායක කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීමේදී කියයි

ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලයයි

විවිධ අවස්ථාවල විවිධ රැස්වීම්වලට අපි සහභාගී වී තිබුණත් නිසියාකාරව කෝට්ටේ දකින්නේ අදයි. විවිධ දේශපාලන ව්‍යාපාරවල සක්‍රීයව වැඩ කළ, ඡන්දය දුන් බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. රටේ නව වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවකින් අප ගැන විශ්වාසය තබා මේ අවස්ථාවට සහභාගී විම පිළිබඳව ඒ සියලු‍ දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනක තරමින්වත් හානිවෙන්නට ඉඩ නොතබන බවට අපි ඔබට සහතික වෙනවා. මේ රට පත්වී තිබෙන විනාශයෙන්, වංචාවෙන්, දූෂණයෙන් ගොඩගැනීමට, නීතියේ විධානයේ සාධාරණය රැකීමට අපි සියලු‍ දෙනාම එකම අරමුණකින් ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් අපේ ජීවිතයේ වැඩි කොටසක් කැපකරමින් මේ දක්වා ක්‍රියා කළ ඔබට තිබෙන පොදු අරමුණුවලට වඩා අපේ පොදු අරමුණු කිසිදු වෙනසක් නැති බව ඔප්පු කොට තිබෙනවා. ජනතාවට අයත් එකදු සතයක්වත් පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ අපේක්ෂාවක් මේ වේදිකාවේ සිටින කිසිවෙකුටවත් නැහැ.

ඒ වගේම අද වන විට මෝචරියට ගියත්, තමන් දන්නා හඳුනන කෙනෙකුගේ උදව් ලබාගත යුතු වී තිබෙනවා. මේ රාජ්‍ය සේවය වෙනුවට ඉතාමත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාගන්න අපි රාජ්‍ය සේවයට තාක්ෂණය ගේනවා. නඩු ගොඩගැසීම විසඳන්නත් කටයුතු කළ යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත් අපේ මූලිකම වැඩපිළිවෙළක්. ජාතික ජන බලවේගයේ යම් කිසිවෙකු අතින් වරදක් සිදුවුව හොත් ඔහුගේ තනතුර හෝ වෙනත් කිසිදු සාධකයක් නොබලා නීතිය හමුවට ගෙන එන සංස්කෘතියක් අපි ගොඩනඟනවා.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජන නියමු කලාකරුවෝ සංවිධානයේ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කමිටු සාමාජික දත්ත විශ්ලේෂක, කළමනාකරණ උපදේශක චතුරංග අබේසිංහ යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.


advertistmentadvertistment