ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සභාපතිවරයා ලෙස ඉංජිනේරු දීප්ති යූ. සුමනසේකර මහතා ඊයේ 03 වැනිදා රාජකාරී ආරම්භ කළේය.
ඔහු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවරයකු ලෙස සිය රාජකාරි ජීවිතය ආරම්භ කොට දශක හතරකට ආසන්න කාලයක් විවිධ තනතුරු දරමින් සාමාන්‍යාධිකාරිවරයා ලෙස විශ්‍රාමගිය නිලධාරියෙකි.
සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අදහස් දක්වමින් ඉංජිනේරු දීප්ති සුමනසේකර මහතා නව රජයේ ප්‍රතිපත්ති මත හිදිමින් මණ්ඩලය ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව කීවේය .
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙරට කාර්යක්ෂම හා ඵලදායි ආයතනයක් බවට පත් කිරීම සිය අපේක්ෂාව බවත් ඒ සඳහා සැමගේ සහාය අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
සිරිමන්ත රත්නසේකර