ජාතික පාපැදි ශූරතාවය – 2022 සුපිරි පිරිමි ශූරයා අවිශ්ක මැඩොන්සා

71

ජාතික පාපැදි ශූරතාවලිය 2022 තරඟ මාලාවේ සුපිරි කාණ්ඩයේ පිරිමි ශූරතාව අවිශ්ක මැඩොන්සා ද කාන්තා ශූරතාවය මදුමාලි ප්‍රනාන්දු ද දිනා ගත්හ. මෙම තරඟමාලාව පසුගිය 3, 4 යන දිනවල අළුත්ගම මොරගල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී මතුගම, කළුතර නගර ආවරණය කරමින් ක්‍රියාත්මක විය.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මඟින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

සුපිරි කාන්තා – ශූරතාව මදුමාලි ප්‍රනාන්දු, අනුශූරතාව ඇනී ශෙනාලි, කනිෂ්ඨ කාන්තා – ශූරතාව ලක්ශිමා දුලාංජලී, අනුශූරතාව එස්. එම්. දනන්ජනා, සුපිරි පිරිමි – ශූරතාව අවිශ්ක මැඩොන්සා අනුශූරතාව – විරාන් රමේශ්, කනිෂ්ඨ පිරිමි – ශූරතාව – චමත් අභිශේක්, අනුශූරතාව – ටී. එම්. උදිත රුමේෂ් යන අය ජයගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා රන්ජන් පෙරේරා (ප්‍රාදේශීය ලේකම් බේරුවල), බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. සමන් සිල්වා, ගෲප් කපිතාන් රංග පෙරේරා පාපැදි සම්මේලනයේ වැඩබලන සභාපති, පාපැදි සම්මේලනයේ ලේකම් නලීන් අධිකාරි, සුදේශ් දේවප්‍රිය (සභාපති කළුතර දිස්ත්‍රික් පාපැදි සංගමය), කලුතර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment