ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධ අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මෙම මස 31 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි මෙම අයැදුම්පත් කැඳවා ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයැදුම්පත් කැඳවීම සඳහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය සහ ආදර්ශ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඉකුත් 11 වැනිදා සිට පළ කර තිබේ.
චමින්ද සිල්වා