ජාතික රට හරහා දිවීමේ තරගාවලිය: කාන්තා – පිරිමි ශූරතාව මධ්‍යම පළාතට

25

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයවනු ලබන 49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක ඉසව්වේ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගනිමින් කැපී පෙනෙන්නට මධ්‍යම පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සුපුරුදු පරිදී මෙවර ද සමාරම්භක ඉසව්ව ලෙස ජාතික රට හරහා දිවීමේ තරගය තෝරා ගෙන තිබූ අතර එය නුවරඑළිය සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණි. ඒ සඳහා නෙස්ලේ සමාගමේ “නෙස්ටෝමෝල්ට්” අනුග්‍රාහකත්වය දක්වා තිබිණි.

ජාතික රට හරහා දිවීමේ තරගාවලිය: කාන්තා - පිරිමි ශූරතාව මධ්‍යම පළාතට

අන්තර් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරුණු ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ මෙවර පිරිමි ශූරතාව මෙන්ම කාන්තා ශූරතාව මධ්‍යම පළාත සතු විය.

මෙහි පිරිමි සහ කාන්තා සමස්ත අනු ශූරතාව ඌව පළාත දිනා ගැනීමට සමත් වූ අතර පිරිමි සහ කාන්තා ද්විත්ව අනු ශූරතා සබරගමුව පළාත සතු විය.

කිලෝ මීටර් 10 ක දුර ප්‍රමාණයකින් සැදුම්ලත් වූ මෙවර තරගය සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 138 කි.

එහිදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් 87 දෙනකු අභිබවමින් පිරිමි අංශයේ රන් පදක්කම දිනා ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ එම්. ශිවරාජන් සමත් විය. නියමිත දුර ප්‍රමාණය සාර්ථකව නිමා කිරීමට ශිවරාජන්ට ගතවූ කාලය මිනිත්තු 34.21 කි. මෙවර රිදී පදක්කම බස්නාහිර පළාතේ ආර්. එම්. එස්. පුෂ්ප කුමාර (මි. 34.57) හිමි කර ගත් අතර ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ ආර්. ඒ. ඩී. එච්. කුමාර (මි. 34.59) සතු විය.

මෙවර කාන්තා තරගයේ රන් පදක්කම නැගෙනහිර පළාතේ ඩබ්ලිව්. ඒ. එම්. ආර්. විජේසූරිය දිනා ගත්තේ සම්මත දුර ප්‍රමාණය මිනිත්තු 38.41 ක කාලයකින් නිම කරමිනි. එහි රිදී පදක්කම මධ්‍යම පළාතේ එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් (මි. 40.04) හිමිකර ගන්නා අතර වාරයේ දී ලෝකඩ පදක්කම මධ්‍යම පළාතේ එච්. එම්. සී. එස්. හේරත් (මි. 40.18) සතු වූවාය.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු කර තිබීම කැපී පෙණුනි. ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණි.

ජාතික රට හරහා දිවීමේ තරගාවලිය: කාන්තා - පිරිමි ශූරතාව මධ්‍යම පළාතට

පිරිමි තරග ප්‍රතිඵල

  1. එම්. ශිවරාජන් (මධ්‍යම පළාත) මි. 34.21
  2. ආර්. එම්. එස්. පුෂ්ප කුමාර (බස්නාහිර පළාත) මි. 34.57
  3. ආර්. ඒ. ඩී. එච්. කුමාර (බස්නාහිර පළාත) මි. 34.59
  4. කේ. එච්. එම්. සරත් කුමාර (ඌව පළාත) මි. 35.12
  5. ඩබ්ලිව්. වී. මධුරංග උපුල් (ඌව පළාත) මි.35.35
  6. ඊ. ඒ. උදාර චානක (ඌව පළාත) මි.36.01
  7. එම්. ඒ. ලක්ෂාන් ප්‍රසන්න (ඌව පළාත) මි.36.09
  8. ආර්. යදීෂාන් (මධ්‍යම පළාත) මි.36.11
  9. කේ. එන්. ප්‍රියන්ත (වයඹ පළාත) මි.36.15
  10. එච්. එම්. ඊ. යූ. බී. හේරත් (මධ්‍යම පළාත) මි.36.19

කාන්තා තරග ප්‍රතිඵල

  1. ඩබ්ලිව්. ඒ. එම්. ආර්. විජේසූරිය
ජාතික රට හරහා දිවීමේ තරගාවලිය: කාන්තා - පිරිමි ශූරතාව මධ්‍යම පළාතට

(නැගෙනහිර පළාත) මි.38.41

  1. එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් (මධ්‍යම පළාත) මි.40.04
  2. එච්. එම්. සී. එස්. හේරත් (මධ්‍යම පළාත) මි.40.18
  3. ඩබ්ලිව්. එම්. නිමේෂා නිදර්ශනී (ඌව පළාත) මි.41.48
  4. ඒ. එන්. එල්. ආරියදාස (සබරගමුව පළාත)

මි.41.59

  1. එම්. ජී. එන්. පී. කුමාරී (මධ්‍යම පළාත) මි.42.16
  2. බී. ඩබ්ලිව්. එන්. සෙව්වන්දි (බස්නාහිර පළාත) මි.42.32
  3. ඒ. එස්. එන්. බණ්ඩාර (සබරගමුව පළාත) මි.42.40
  4. පී. ජී. එස්. එස්. විමලසූරිය (මධ්‍යම පළාත) මි.42.55
  5. ඩබ්ලිව්. එස්. චාන්දනී ප්‍රියදර්ශනී (ඌව පළාත) මි.43.47

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment