කොළඹ ජාතික රෝහලේ සී. ටී. ස්කෑන් යන්ත්‍ර දෙකක සේවා බිඳවැටීමෙන් රෝගීන් සහ කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එම රෝහලේ හදිසි අනතුරු අංශයේ සහ ප්‍රධාන විකිරණ අංශයේ පවතින යන්ත්‍ර දෙක පමණක් ක්‍රියාත්මක ඇති අතර මේ වනවිට එම යන්ත්‍ර දෙකෙන් පරීක්ෂණ සිදු කරන බවද එම සංගමය සඳහන් කරයි.
මෙම යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් මීට සති 04කට ප්‍රථම සේවා බිඳවැටීමට ලක්ව ඇති අතර අනෙක් යන්ත්‍රය මීට දින තුනකට ප්‍රථම බිඳවැටීමට ලක්ව ඇතැයි ද එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයිනට’ ඊයේ (08දා) පැවැසීය.
මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින සී. ටී. ස්කෑන් යන්ත්‍ර දෙකෙන් හදිසි පරීක්ෂණ පමණක් සිදු කරන බවත්, මීට පෙර දින ලබා ගත් රෝගීන්ගේ පරීක්ෂණ අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය. බලධාරීන් මේ පිළිබඳව මුනිවත රකින බවද හෙතෙම කීවේය.
සුජීව තත්සර