ජාතික රෝහල අවට මාර්ග තදබදයට විසඳුමක් දෙනවා

175

සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

කොළඹ ජාතික රෝහල අවට රෝහල් චතුරස්‍රයේ පවතින අධික මාර්ග තදබදය හේතුවෙන් අවදානමට ලක්ව ඇති රෝගී ජීවිත දෙස කිසිදු රජයක අවධානය යොමුව නැති බැවින්, තමන් මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහල හදිසි ප්‍රතිකාර ඒකකය බාහිර රෝගී අංශය සහ රෝහල් පරිශ්‍රය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවතින බැවින් රෝහලට පැමිණෙන රෝගීන් මෙන්ම ගිලන් රථ ද දැඩි ලෙස වාහන තදබදයට ලක්වීමෙන් රෝගී ජීවිත මෙලෙස අවදානමට ලක්ව ඇතැයි පෙරේදා (05දා) ජාතික රෝහල අසලදී මාධ්‍ය අමතමින් වෛද්‍යවරයා සඳහන් කළේය.

රෝහල් පරිශ්‍රයන් අතර රෝගීන් හුවමාරු කිරීම, ආහාර රැගෙන යෑම ක්ෂුද්‍රජීවීකරණය කරන ලද උපකරණ සහ ගෝස්, පුළුන් සහ තුවා ආදිය

රැගෙන යෑම ද සිදුවන බවත් මේ නිසා රෝගී ජීවිත මෙන්ම ක්ෂුද්‍රජීවීහරණය කරන ලද උපකරණ හා ලිනන් ආදියේ පවා ආරක්ෂිතභාවය විනාශ වන බැවින් ඉන් රෝගීන්ට විශාල හානියක් සිදුවන බව ද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

වසර ගණනාවක් පුරාවට කිසිදු රජයක් මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කර නොමැති බැවින් තමන් මෙය විසඳීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කරනු ලබන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර


advertistmentadvertistment