ජාතික වශයෙන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට අපිත් කැපකිරීමක් කළ යුතුයි…. වැටුපෙනුත් කොටසක් ලබා දිය යුතුයි

250

අරපිරිමැස්මෙන් කටයුතු නොකොළොත් රුපියල පාලනය කරන්න බැරිවෙයි…. අජිත් නිවාඞ් කබ්රාල්


ජාත්‍යන්තර හා ජාතික වශයෙන් ඇතිවී තිබෙන මූල්‍ය අර්බුද අවස්ථාවේ කාටත් යම් කැපකිරීමක් කිරීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන අපි සියලූ දෙනාගේම වැටුපෙන් කොටසක් ඒ සඳහා කැපකරමු යැයි මුදල් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03 දා* පාර්ලිමේන්තුවේදී පැවසීය.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන-

2020 දී ලෝකයේ ප‍්‍රධාන ආර්ථිකය ඇමරිකවේ ආර්ථික ණය සෘණ. ජර්මනිය, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව, එක්සත් රාජධානිය, පිලිපීනය, මාලදිවයින යන රටවල ආර්ථික වර්ධනය වේගය සෘණ අගයන් ගන්නවා.

එක එන්නතක් දීගන්න බැරිවූ රටවල් තිබෙනවා. ඒත් අපි එන්නත්කරණය අතින් ආරාජික වී තිබෙනවා.

කොවිඞ් වසංගතය තුළ බ‍්‍රසීලය, ප‍්‍රංශය, ඇමරිකාව, ඉන්දියාව වැඩි ප‍්‍රමාණයක් මිය ගියා. ලංකාවේ ඉතා පහළ අගයක් පවතිනවා. දරුණු ව්‍යසනයක් යටතේ දරුණු මූල්‍ය අර්බුදයක් පැවතියද ජනතාවත් කුල වර්ග, ජාති භේදවලින් තොරව ජීවිත බේරා ගැනීමට අපේ රජය ගත් පියවර ඉතා ඉහළයි.

පසුගිය රජයේ ජනපති හා අගමැති අතර ගැටුම්. ඇමැති මණ්ඩලයේ ගැටුම් නිසා රට ප‍්‍රපාතයට ගියා. කිසිම ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. දිගින් දිගටම ආර්ථිකය කඩා වැටුණා.

මහින්ද රාජපක්‍ෂ යුගයේ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා. රට මහා පිම්මක් පැනලා ආර්ථික දියුණුවක් ලැබුවා ඊට පස්සේ 20215 දී ආණ්ඩුව බලයට පත්වී රට විනාශයට ගෙන ගියා.

මේ රාජ්‍ය මූල්‍ය අර්බුද හා ජාත්‍යන්තර අර්බුදවලදී අපි කාටවත් යම් කැප කිරීමක් කරන්න වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අපි සිව් දෙනාගේම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරමු. ඒ සඳහා අනුර කුමාර දිසානායක මහතා සහය දෙනු ඇතැයි සිතනවා.

අජිත් නිවාඞ් කබ්රාල් අමාත්‍යතුමා.

මෙතනදී අපි තේරුම්ගත යුතු දේ තමයි. අපේ රටේ ණය බර තාවය 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට භාරගන්න අවස්ථාවේදී සියයට අනූ එකක් හැටියට තමයි තිබුණේ දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් හැටියට. අපි එක අඩු කරගත්තා 71% දක්වා. සමහරක් ලෙඬේ කියන අයට ඕක තේරෙන්නෙ නෑ. එය සිදු වෙනවා සමඟම කරුණු කිහිපයක් සිදු වුණා. මේ තමයි රටේ විදේශීය ණය බර තාවය එක කාලෙක තිබුණා 2004දී මොනව 48% ක ප‍්‍රමාණයක් දළ දේශීය නිෂ්පාදනයෙන්. ඒක අඩුවුණා 30% දක්වා. 30% දක්වා විදේශීය ණය අඩු වුණා. ඒත් එක්කම රටේ දළ දේශීය නිෂ්පාදනය සාපේක්ෂව ණය බර තාවය 72% දක්වා අඩු වුණා.

ඒත් එක්කම බැªම්කර පිළිබඳව කතා කරපු නිසා මම කියන්නට අවශ්‍යයි බැඳුම්කර ප‍්‍රමාණය ඒ කාලේ බිලියන පහයි. බිලියන 5 දළ දේශීය නිෂ්පාදනය මිලියන අසූවක් උනාම ප‍්‍රතිශතයක් හැටියට තිබුණේ සියයට 6.25 යි. එවැනි අවදානමක් අපේ රටේ ආර්ථිකයට උහුලන්න පුළුවන් ව තිබුණා. අනෙකුත් සියලූම ණය බර තාවය ඇමරිකානු ඩොලර් බිලියන 19 යි. සම්පූර්ණ ණය බිලියන විසි හතරයි.

අපි ආර්ථිකය වර්ධනය කළා. මිලියන බිලියන 24 තිබුණේ ආර්ථිකය බිලියන 80 දක්වා වර්ධනය කළා. රුපියල ස්ථාවර කළා. පොලී අනුපාතය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුකර ගැනීමට අපට පුළුවන් වුණා. ඒ නිසා තමයි අපේ රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් තිබුණේ.

2019 වෙනකොට මොකද උනේ . මීට කලින් කතා කළ පාර්ශව දෙකම එකට හවුල් කණ්ඩායම. ඒ අය ණයබර තාවය වැඩි කරගත්ත ඇමෙරිකානු ඩොලර් බිලියන 35 දක්වා. ඇමරිකානු ඩොලර් බිලියන 24 තිබ්බ ණය බර තාවය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 දක්වා වැඩි කර ගත්තා. ඒ එක්කම දළ දේශීය නිෂ්පාදනය වැඩි කරගන්න කරගන්න පුලූවන් වුනේ ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට 84 දක්වා පමණයි. එතකොට බැඳුම්කරවල තිබුණු ණය බරතාවය 18% ක් දක්වා වැඩි වුණා. පොලී අනුපාතය වැඩි කරගත්ත 7.8% දක්වා. ඒ හරහා බිලියන 1ක පමණක් ඩොලර්වලින් රටේ ණය ගෙවීම සඳහා අවුරුද්දකට ගෙවන්න සිදු වුනා. අපි විශාල අවධානමකට ලක් වුණා.

ඒ තත්ත්වය තුළ තමයි අපි 2019 අග වෙනකොට රට භාර ගත්තේ. ඒකට පිළිතුරක් වශයෙන් අපිට අලූත් විදියට හිතලා මේකට ක‍්‍රමවේදයක් සකසන්න ඕන වුණා. එහෙමනම් අපිට කරගන්න තිබුන දේ තමයි වර්ධනය ඉදිරියට වැඩි කරගන්න එක. පුළුවන්තරම් බදු ගහලා වර්ධනය වේගය වැඩි කරගන්න බැහැ. සමහරක් අයට ඕක තේරෙන්නෙ නෑ. ඒක නිසා තමයි ඒ අය කෑ ගහන්නේ. ඒ අය හිතන බදු ගහන්න ගහන්න රජයේ ආදායම වැඩිවෙයි කියලා. රජයේ ආදායම වැඩි උනාට අනිත් පැත්තෙන් පොලිය වැඩි වෙලා වියදම වැඩි වෙනවා නම් ඒකෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. අපි ඒව ගැන දන්න නිසා අපිට පුළුවන් වුණා බදු අඩු කරලා නැවත වරක් වර්ධනයක් ඇති කරන්න. ඒ වුණාට අපිට ලොකු ප‍්‍රශ්නයක් තිබුණා. ජදඩසා වසංගතය ඇවිල්ලා 2020 මාර්තු මාසෙ ඉඳලා රට වාහන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ කාලය තුළදී සෑහෙන පීඩනයකට අපිට යොමු වෙන්න සිදුවුණා. අපේ රටේ බැඳුම්කර බිලියන දහයක් අවුරුදු පහ තුළදී නිකුත් කිරීම නිසා අපේ රටේ තිබුණු සංචිත ප‍්‍රමාණය හරිනම් තිබෙන තිබුණෙ බිලියන 18 ක්. මම මහ බැංකුවේ අධිපතිවරයා හැටියට නික්ම වෙලා යනකොට 2014 අග වෙනකොට එහි කාලයේ රටේ තිබුණු සංචිත ප‍්‍රමාණය බිලියන 8.2 යි. එක අඩු වෙලා තමයි අපිට බාර දුන්නේ බිලියන හතයි 7.5 ක් හැටියට. ඒ කියන්නේ දහයක් ණයට අරගෙන තිබුණු අටක් සමඟ 18ක් වෙන්න ඕනේ නමුත් ලබා දුන්නේ හතාමරක් පමණයි. ඉතින් ඒ නිසා අපට යම් පීඩනයක් තිබුණා. ඒක අපි තේරුම් අරන් තිබෙනවා කවුරුත් කියන්න ඕනෙ නෑ . ඒ නිසා තමයි අපිට අරපිරිමැස්මෙන් වැඩ කටයුතු සිදු කරන්න සිදුවුණේ. යම් යම් තීරණ ගත්තා ඒ හරහා අපිට යම්කිසි පාලනයක් කරන්න පුළුවන් වුණා. නැත්නම් රුපියල අපට පාලනය කරගන්න බැරි වෙනවා. එහෙම වුණා නම් අපිට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ගෙවිය යුතු සියලූම ණය ගෙව්වා. අනෙකුත් සියලූම අවශ්‍යතාවයන් වෙනුවෙන් ගෙවන්න තිබිය යුතු සියලූම මුදල් ගෙව්වා. අපිට එක කාලෙක කිව්වා ජදඩසා එන්නත් වත් ගේන්න බැහැ කියලා. බලාගෙන හිටියා එහෙම වෙයි කියලා. එහෙම කෑ ගැහුවට අපිට එය සියලූම දෙයක්ම කරන්න පුළුවන් වුණා. ඒ අපට තිබුණ මනා පාලනය නිසා. මෙතනදි අවශ්‍ය වෙන්නේ මනා කළමනාකරණයක් . එය පාලනය නිසා තමයි අපිට මේ ඔක්කොම කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. දිගින් දිගටම රටේ ආර්ථික ක‍්‍රමවේදයක් කරගෙන යාමට අපට පුළුවන් වෙලා තිබෙනවා.

මේ කාලය තුලදී අපි යම්කිසි අරපිරිමැස්ම කින් කටයුතු කරගෙන යනවා. ඒ වුණත් 2021 අග වෙනකොට අපේ රටේ සංචාරක ක්ෂේත‍්‍රයේ නැවත අපි ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අලූතින් මුදල් රටට ගලා ඒම සිදුවෙන නිසා ඒ තත්ත්වය මගහරවාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි. තවත් අය අපට උපදෙස් දෙනවා. උපදෙස් දෙන එකේ කිසි වැරද්දක් නැහැ. ඒ අයගෙ තියෙන එකම උපදේශයයි. යන්න ෂඵත්‍ එකට. ඔයාලට තේරෙන්නෑ ෂඵත්‍ එකට යන එක විතරක් නෙමේ තියෙන එකම විකල්පය කියලා. තව විකල්ප තිබෙනවා. ඒකට යන්නේ වෙන විකල්පයක් නැතිකොට. අපිට විකල්ප තිබෙනවා අපි ඒ විකල්ප දිනපතා ක‍්‍රියාත්මක කරනවා. මේවා ක‍්‍රියාත්මක කිරීම තුළින් අපේ ආර්ථිකය වර්ධනය වන බව අපි දන්නවා. ආර්ථික වර්ධනය වේගය මේ අවුරුද්දේදී සියයට පහක පමණ වර්ධන වේගයක් මේ අවුරුද්දේදී අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක් බයක් සැකයක් තියාගන්න එපා මේ රටේ අර්බුදයක් ඇති වෙයි කියලා.


පාර්ලිමේන්තුව අද (4 දා* පෙරවරු 10.00 ට යළි රැස්වෙයි.


රනිල් ධර්මසේන අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment