ජාතික සභාවේ මන්ත්‍රීවරු

211


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ජාතික සභාව සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත් වන මන්ත්‍රීවරුන් මෙසේය.
ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම් අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී පොන්නම්බලම්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මහත්වරුන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment