ජාතික සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය: සංගීත්ගෙන් ශතකයක්

93

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී නුවර කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 132ක් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායමේ සංගීත් කුරේ ඊයේ (27 වෙනිදා) සමත් වූයේය.

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන සංගීත් කුරේ ගේ මෙම දක්ෂතාවය මත කඩුලු 5ක් ඇතැතිව නුවර කණ්ඩායමට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටීමට ඊයෙ තේ පානය වන විට ගාල්ල කණ්ඩායමට හැකි විය.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට නොදැවී ලකුණු 27 ක් ලබා සිටි සංගීත් සිය ලකුණු 132 සඳහා හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබුණි.

සංගීත් ගේ ඉනිම පන්දු 207ක් පුරා ඇදී ගිය අතර ඔහුට අනගි සහායක් ලබාදුන් ලක්ශාන් එදිරිසිංහ ලකුණු 70ක් ලබා ගත්තේය.

මෙම දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 144ක් වූ අතර අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 44කින් ගාල්ල ඉනිමට දායකත්වය දැක්වීය. මැතිව්ස් ගාල්ල ඉනිමේ 3 වෙනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පුවරුව 226 ක් ලෙස දිස් වුණි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නුවර කණ්ඩායම ලකුණු 290ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment