ජාන මංකොල්ලයේ රුසියානුවන් තිදෙනාට රු. 86,55000ක දඩයක් – වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලොකුම දඩය

207

* චෝදනා 102කට වරදකරුවෝ වෙති:

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප‍්‍රදේශ රැුසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23කට අයත් සතුන් 529දෙනකු හා ශාක කොටස් රැසක් ජාන මංකොල්ලයක් සඳහා මෙරටින් හොර රහසේ රැුගෙන යෑමට තැත් කරන ලද සිද්ධියට අදාළ නඩුවේ චෝදනා 102කට වරද පිළිගත් රුසියානු ජාතිකයන් තිදෙනාට රුපියල් අසූහය ලක්‍ෂ පනස්පන් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහෙස්ත‍්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා 21 වැනිදා නියෝග කළේය.

ජාන මංකොල්ලයේ රුසියානුවන් තිදෙනාට රු. 86,55000ක දඩයක් - වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලොකුම දඩය

මෙම දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතයන් ලබා ඇති චෝදනාවට මාස තුන බැගින් සිර ද`ඩුවම් නියම කිරීමට ද මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස දඩ නියම වූයේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටේම් සහ කිලෆයාන් නිකොලයි නමැති රුසියානු ජාතිකයන් තිදෙනාටය.

චෝදනා 102 සඳහා එක් අයකුට රුපියල් විසිඅට ලක්‍ෂ අසූපන් දහස බැගින් තිදෙනා හට රුපියල් අසූහය ලක්‍ෂ පනස්පන්දහසක දඩ මුදලක් ගෙවීමට මෙලෙස නියෝග කෙරිණි.

මෙම රුසියානු ජාතිකයන් තිදෙනා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැුසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හූනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23ට අයත් සතුන් 529දෙනකු හා ශාක වර්ගවල කොටස් විශාල ප‍්‍රමාණයක් විශේෂ බහාලූවල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොළක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 වසරේ පෙබරවාරි මස 26 වැනිදා අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

වසර දෙකකට ආසන්න කාලයක් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද අතර, වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් වන සත්ත්ව අඩවි ආරක්ෂක (1* ඒ. පී. ටී. කේ. ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව මෙහෙයවීය.

වනජීවී දෙපාර්තුමේන්තු ඉතිහාසයේ මෙතෙක් අධිකරණයක් විසින් පැනවූ වැඩිම දඩ මුදල හා වැඩිම චෝදනා සහිත නඩු තීන්දුව මෙය බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. එම්. පී. කේ. ප‍්‍රදීප් කුමාර මහතා පැවැසීය.

හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප‍්‍රදීප් කුමාර, හොර්ටන්තැන්න වනෝද්‍යානයේ එවකට සිටි නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, එවකට සිටි වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වන සත්ත්ව නියාමක කේ. ජී. පී. ප‍්‍රියදර්ශන, ක්‍ෂේත‍්‍ර සහායක උදය කුමාර, රියැදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර රුසියානු ජාතික සැකකරුවන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කර මෙම නඩුව පවරා තිබිණි.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, බලංගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment