ජැක්සන්ට පැය 7 ක සැත්කමක්

580

අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතාට ඊයේ (04 දා) පැය 07 ක පමණ සැත්කමක් සිදුකර ඇත.

ඒ මහතාගේ සුෂුම්නාව ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ තත්ත්වය හේතුවෙන් සැත්කම ඊයේ පෙරවරු 9.00 සිට සවස 4.00 දක්වා සිදුකළ බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සැත්කම සිදුකිරීමෙන් පසු ඒ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන අතර සුවය ලැබීම සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි වෛiවරුන් ප්‍රකාශ කරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

ජැක්සන් ඇන්තනි මහතා, ඔහුගේ සහෝදරයා සහ තවත් රංගන ශිල්පියකු ගිය කැබ් රථයක් අලියකුගේ සිරුරේ ගැටීම නිසා අනතුරට ලක්ව ඇත. ජැක්සන් ඇන්තනි මහතා විසින් කැබ් රථය පදවාගෙන ගොස් තිබූ අතර ඔහු අනතුරෙන් බරපතළ තුවාල ලැබීම නිසා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබුණි. තුවාල ලැබූ අනෙක් දෙදෙනා අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නැතැයි වාර්තා වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment