ජැෆ්නා කඩුලු 4ක ජයක් ලබද්දී – කොළඹ දඟ පන්දුවෙන් නුවර අසරණ වෙයි

111

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට්

තරගාවලියේ 4 වැනි තරගය ලෙස ඊයේ (03 දා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම සඳහා ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. පන්දුවට පහරදීමේදී දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා පන්දු 52ක් තුළ ලකුණු 102ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත විය. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 40ක් සහ මාර්ක් චැප්මන් ලකුණු 33ක් ලැබීය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 25කට කඩුලු 2ක් බිඳහෙළීය.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ ප්‍රථම කඩුලු 3 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගිය ද ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34කින් ලකුණු 80ක් ලබාගැනීමට සමත්වූ අතර එම ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය. නායක චරිත් අසලංක ලකුණු 60ක් ලැබීය. පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 34කට කඩුලු 2ක් සහ මුෂ්ටෆිසුර් රහුමාන් ලකුණු 30කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු තිළිණ ලබාගත්හ. මේ අතර පෙරේදා (02දා) පැවැති කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 51ක ජයක් ලබන්නට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 198ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 15යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 147ක් පමණි.

කලම්බු ස්ටරයිකර්ස් 198/7 (සදීර සමරවික්‍රම 48, තිසර පෙරේරා 38, මොහොමඩ් වසීම් 32)

වනිඳු හසරංග 30/2, කසුන් රාජිත 56/2

කැන්ඩි ෆැල්කන්ස් 147 (දිනේෂ් චන්දිමාල් 38, වනිඳු හසරංග 25, ඇන්ජලෝ මැතිව්ස් 25)

දුනිත් වෙල්ලාලගේ 20/4, ශදාබ් ඛාන් 22/4

ශදාබ් ඛාන් තරගයේ වීරයා ලෙස තිළිණ ලබාගත්හ.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment