ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති 07 වැනි තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට හිමි විය.තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත් විණි.පළමුව පන්දුවට පහරදුන් ගෝල් ටයිටෑන්ස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තේය.ජැෆ්නා කිංග්ස් පන්දුවාර 13.4කදී කඩුලු දෙකක් දැවී ලකුණු 120ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.රහමනුල්ලා ගුර්බාස් 54,තවුහිඩ් රිඩෝයි නොදැවී 44යි. ඒ අනුව ජැෆ්නා කිංග්ස්ට කඩුලු 08ක ජයක් හිමි විය.
|