ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට ආයෙත් ගොරවයි

513

මාර්තු මස ජිනීවා සැලසුම් දැන ගැනීමට උත්සාහ කළ රජය පත්කළ අපූරු පර්යේෂකයා

යස්මින් සුකා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකිකයකුට පැවරූ නඩුවට රුපියල් ලක්ෂ 100ක් වැයවේ

49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව මේ වසරේ පෙබරවාරි 28 ආරම්භ වී මෝඩයන්ගේ දිනය වූ අපේ‍්‍රල් 1 දා අවසන් වේ.

එහෙත් ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකරන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි මෙරට පොලිසිය සහ ආරක්‍ෂක හමුදාව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට බිහිසුණු වධහිංසා පමුණුවන බව දක්වමින් පිටු 97 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ වෙත ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකරනු ලැබීය. ඊට පෙර ඇය වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන් 28 කට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන වර්තාද මානව හිමිකම් කවුන්සිලයට යොමු කෙරුණි. එලෙස වාර්තා ගොනුකරන ලද්දේ මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි, මේජර් ජෙනරාල් කේ. ජේ. අල්විස්, බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ, මේජර් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, සත්‍යපි‍්‍රය ලියනගේ, සුමේධ පෙරේරා, දර්ශන හෙට්ටිආරච්චි, පි‍්‍රයංකා ප‍්‍රනාන්දු සහ විජිත රවිපි‍්‍රය යන නිලධාරීන්ට එරෙහිවය. 2021 දෙසැම්බර් 10 වැනිදා සුකා සිය 161 වැනි වාර්තාවද මානව හිමිකම් කොමසාරිස්වරියට යොමුකරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ පොලිසිය සහ හමුදාව ලොව භයානක වධකයන් බවට දක්වමිනි. මේ පසුබිම මැද 49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට පැවරී ඇති මැන්ඬේට් බලය භාවිත කර ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කි‍්‍රයාකරනු ඇත. ඇය මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන වාර්තාවෙන් ඇගේ කි‍්‍රයාමාර්ග අනාවරණය වේ.

ශ‍්‍රී ලංකාව බරපතළ දුෂ්කරතාවයකට මුහුණපාන්නේ මෙවර මානව හිමිකම් සමුළුවේදීය. මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ ඇය සතු මැන්ඬේට් බලය මෙවර සමුළුවේදී කි‍්‍රයාත්මක කරනු ඇත.

ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට ආයෙත් ගොරවයි

49 වැනි මානව හිමිකම් සමුළුවට පෙර ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 33 කල්ලිය හෙවත් එම සංවිධාන සාමූහිකත්වය රජයට සංදේශයක් ඉදිරිපත් කරමින් ජිනීවා මානව හිමිකම් යෝජනා සඳහා ජාත්‍යන්තර සබඳතාවයක් ඇති කරගැනීමට මැදිහත්විය හැක්කේ තමන්ට බව පවසා තිබුණි.

2022 වසරේදී ශ‍්‍රී ලංකාවට තම පැරණි සතුරකුට ද මුහුණ දීමට සිදුවේ. ඒ මානව හිමිකම් කවුන්සිලය අසූචි වලක් යයි පවසා ඉවත්වූ ඇමරිකාව යළි ඊට ඇතුල්වීමයි. ඇමරිකාව මෙවර මානව හිමිකම් කවුන්සිලයට ඇතුළුවන්නේ අසූචි වළේ අසූචි ඉවත් කර නොවේ.

එම තත්ත්වය මත කොටි ඩයස්පෝරාව ප‍්‍රමෝදයට පත්වී ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන සමයේ බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා මාර්තු 23 ශ‍්‍රී ලංකාවට සම්ප‍්‍රාප්ත වේ. ඔහුගේ රහස් වාර්තාව මේ දක්වාම වත්මන් රජයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකර නැත. මේ වාර්තාවෙන් වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව 6000 ත් 7000 ත් අතර බව අනාවරණය වී තිබේ. නේස්බි සාමිගේ වාර්තාව යහපාලන රජය මෙන්ම දේශපේ‍්‍රමි යයි හඳුන්වාගත් වත්මන් රජයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් නොකරන්නේ මන්ද? මේ අතර ඇමරිකානු රජයද ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‍ෂි එකතු කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ සාක්‍ෂි දී ඇත. වන්නි මෙහෙයුම සමයේ උතුරු නැගෙනහිර සිදුවීම් හෝ යුද මෙහෙයුම් විමර්ශනය නොකළ හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිතා සකුනානාදන් සහ ෂෙරින් අබ්දුල් සරූර් – සොන්ද්‍රා ඇන්ටන්, නිල් ඩෙවෝටා සහ කැරොලයින් නෑෂ් එම සාක්‍ෂිකරුවන් වේ. මේ පිරිස වන්නි මෙහෙයුම සියැසින් දුටුවේ නැත. එහෙත් යුද්ධය දුටුවාක්මෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත්වී ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු චාරිකාවක දක්වා ඇත්තේ මොවුන් සාක්‍ෂිකරුවන් යයි හඳුන්වමිනි. එසේ නම් මොවුන් බොරු තක්කඩි සාක්‍ෂිකරුවන් නොවේද? ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි සාක්‍ෂිකරුවන් හෙළි කළත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ 1,20000 ක්වූ සාක්‍ෂිකරුවන්ව අනාවරණය කර නැත. ජිනීවා ආරංචි මාර්ග දක්වන්නේ එම සාක්‍ෂිකරුවන් හෙළිවන්නේ වසර 25 කට පසු බවයි. මේ පසුබිම මැද ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ද ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන් 26 ක් වරදකරුවන් කර ඇත.

මෙසේ කර ඇත්තේ විභාගයකින් තොරවය. මේ අනුව මැග්නිට්ස්කි සම්බාධක සහ සර්වලෝක අධිකරණ කි‍්‍රයාමාර්ග ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරින් හමුවේ කි‍්‍රයාත්මක වේ. මෙයට වසර 2 කට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් සහ කොටි ඩයස්පෝරාව අතර රහස් සාකච්ඡාවක් ලන්ඩන් නුවරදී පැවැත්වුණි. එහිදී ඉදිරිපත් වූ යෝජනාව නම් චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට තනි තනිව නඩු ගොනු කිරීම සහ සම්බාධක පැනවීමය. මේ විශේෂිතවූ ගවේෂණාත්මක තොරතුරු අප හෙළිකරන විට ජිනීවා මානව හිමිකම් සමුළුව හෝ මානව හිමිකම් කවුන්සිලය නුදුටු දීන පාර්ශ්ව අපගේ තොරතුරුවලට එරෙහිව කි‍්‍රයාත්මක වී ඇත. මෙම පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේගේ කටයුතු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව භාරගෙන ඇත. ඒ අනුව ඇය යුද අපරාධ චෝදනා එල්ල කළ නිලධාරීන්ට එල්ල කළ චෝදනා මත සම්බාධක පැනවීමට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පියවරගෙන ඇත. මෙලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට හමුදා නිලධාරීන්ට තහනම් නියෝග ප‍්‍රකාශයට පත් කරන්නේ නීත්‍යානුකූල විභාගයකින් තොරවය. ඉදිරියේදී සම්බාධක පැනවීමට තීරණය කර ඇති හමුදා නිලධාරීන් අතර ප‍්‍රභාකරන් මරාදැමීම සඳහා හමුදා කණ්ඩායම මෙහෙයවූ නිලධාරියාද වේ. එහෙත් රජය ඇමරිකානු කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිවී නැත්තේ ඇයි?

ඒ රහස හෙළිවූයේ මැදපෙරදිග රටක ශ‍්‍රී ලාංකිකයකු රජයේ බලධාරියකුගෙන් කළ විමසීමේදීය. ‘අපි රජයේ ප‍්‍රධානියකුගෙන් මේ ගැන ප‍්‍රශ්න කළා. ඔහු ලබාදුන් පිළිතුරෙන් අප පුදුමයට පත්වුණා. ඩයස්පෝරාව සමඟ එක්වී අපි යුද අපරාධ ප‍්‍රශ්නය විසඳාගන්නවා යයි එම රාජ්‍ය බලධාරියා පැවසූ බව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ සභාපති යසස් ධර්මදාස හෙළි කළේය.

මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්න මෙසේයි.

  1. කොටි ඩයස්පෝරාව කෙරේ රජය විශ්වාස කරන්නේද?
  2. ඩයස්පෝරාව යනු ගෝලීය ද්‍රවිඩ සංසදයද?
  3. වත්මන් රජයද ශ‍්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදුකළ බව පිලිගන්නේද?
  4. යස්මින් සුකාගේ සාවද්‍ය වාර්තා රජය පිළිගන්නේද?
  5. කැනඩා කොටි ජාලය රජය සමඟ සාකච්ඡා කිරීම ප‍්‍රතික්‍ෂේප කර තිබියදී රජය ඩයස්පෝරාවේ කි‍්‍රයාමාර්ග අනුමත කරන්නේද?
  6. ඩයස්පෝරාවට ඇමරිකානු සම්බාධක නතර කළ හැකිද?

රජයේ බලධාරියකු ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කර යුද අපරාධ අර්බුද විසඳාගන්නා බව පැවසීම නිසා විදේශගත ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීහු දැඩි කම්පනයට පත්වී ඇත. ඉන්දියාවේ සීක් ත‍්‍රස්තවාදීන් තමන් රජය සමඟ සාකච්ඡාවලට එන බව පවසා වසර ගණනකට පසු ඉන්දීය ජනරාල් අරුන් විද්‍යා ඝාතනය කරනු ලැබීය.

ඊට අමතරව සීක් රන්දෙවොලට එරෙහි ප‍්‍රහාරය මෙහෙයවූ හමුදාවේ දෙවැනි නිලධාරියාට ලන්ඩන් නුවරදී පිහියෙන් ඇන ඝාතනය කිරීමට උත්සාහ දරනු ලැබීය. මේ අතීතය ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට අමතක වී ඇත. කොටි ඩයස්පෝරාව පුන පුනා බලාසිටින්නේ වන්නි මෙහෙයුමේ හමුදා නායකයන් වැනසීමටය. ඒ සඳහා රජය දුර්වලවී යහපාලන රජය සමයේ මෙන් බුද්ධි සේවාව අඩපණ වනතුරු බලාසිටිති. මේ අතර කොටි පැරදවිය නොහැකි බව පැවසූ සිංගප්පූරුවේ ව්‍යාජ යුද මහාචාර්යවරයා එකවරම ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ නිලධාරියකු කැඳවා ඔවුන් ඉදිරියේදී කුමක් කරන්නේද යන්න විමසීමට කි‍්‍රයාකළේය. මොහු යහපාලන රජය සමයේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය කොටි ඩයස්පෝරාවට එරෙහි සටන්වදින අවස්ථාවේ නිහඬ විය. කොටි පැරදවිය නොහැකි බව බ්ලූම්බර්ග් වෙඩි අඩවියට ප‍්‍රකාශයක් කළ මේ පුද්ගලයා මෙයට පෙර ලන්ඩන් නුවර සිටින කන්නන් නැමැති කොටි හිතවාදියකු මෙරටට කැඳවා කොළඹ පැවැති ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවකටද සහභාගි කළ අයුරු අපි විශේෂයෙන් හෙළි කළෙමු.

ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට ආයෙත් ගොරවයි

මොහු අද රජය සහ ආරක්‍ෂක බලධාරීන් රවටමින් බත්තරමුල්ලේ රජයේ ගොඩනැඟිල්ලක පරීක්‍ෂණ අංශයක් පවත්වාගෙන යයි. ඔහු පසුගිය දිනෙක ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ සභාපති යසස් ධර්මදාස කැඳවා මේ වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා සංසදයේ සැලැස්ම කුමක්දැයි විමසා ඇත. පසුගිය වසර ගණනාව තුළ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ජිනීවා ගොස් කොටි ඩයස්පෝරාවට එරෙහිව සටන් වදිද්දී මොහු නිහඬව සිටියේය. ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය මානව හිමිකම් සමුළුවට ගොනු කළ වාර්තා මෙන්ම නේස්බි සා`මිගේ වාර්තාද මොහු ලබාගෙන ඇතැයි අනාවරණය විය. ද්‍රවිඩයන් 6000 ත් 7000 ත් අතර සංඛාවක් මියගිය බව දැක්වෙන කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ වාර්තාව මෙරට මාධ්‍ය අතරින් විශේෂයෙන් හෙළි කළේ ආරක්‍ෂක විශේෂාංගයෙනි. එවැනි විටෙක එම තොරතුරු ඉහත කී ව්‍යාජ යුධ මහාචාර්යවරයාගේ පර්යේෂණ අංශය සොයාගත් බවට ඉදිරියේදී තොරතුරු එළිදැක්වීමට ඉඩ ඇත.

මෙරට රජය මේ ව්‍යාජ යුධ මහාචාර්යවරයාට රැවටී අති අතර ආරක්‍ෂක ලේකම්වරයාද ආරක්‍ෂක අමාත්‍යාංශයද ඔහුට ගොදුරුවී තිබේ. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මේ අයුරින් ආරක්‍ෂක පර්යේෂණ ප‍්‍රධානියකු ලෙස ප‍්‍රචාරය කර ගන්නා මොහු ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ මෙහෙයුම් වලට අදාළ ලියවිලි ලබාගෙන ඇත්තේ කුමක් සඳහාද?

සර්වලෝක අධිකරණ පද්ධතියට ශ‍්‍රී ලංකාවද අත්සන් කළ යුතු යයි රජයට නිර්දේශ කළේ මොහුයි. මේ සම්මුතියට ශ‍්‍රී ලංකාව අත්සන් කළේ නම් යුධ අපරාධ චෝදනා ලබා සිටින හමුදා නිලධාරීන් තමන්ට ලබාදෙන ලෙස එම සම්මුතියට අත්සන් කළ රටවල් ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට ඉඩ තිබුණි. එසේම ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ජිනීවා මානව හිමිකම් බලධාරීන්ට භාරදුන් වාර්තාවල පිටපත් අප සතුව ඇත. මේ වාර්තා පර්යේෂණ ලෙසින් ඉදිරියේදී තක්කඩි පාර්ශව විසින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. මේ අතර සිවානි බාබු නැමැත්තිය ශ‍්‍රී ලංකාව යුධ අපරාධවලට වගකිවයුතු බවට දැක්වෙන සාවද්‍ය වාර්තාවක් මේ වසරේ අවසාන භාගයේදී ප‍්‍රකාශයට පත්කර ඇතැයි හෙළිවිය.

එහි මෙසේ සදහන් කර තිබේ.

‘‘ශ‍්‍රී ලංකාවේ අරමුණ වූයේ මුළු මාර්ගික ජනතාව වනසා දැමීමයි. ශ‍්‍රී ලංකා හමුදාව ලක්‍ෂ ගණනක ද්‍රවිඩ අහිංසක ජනතාවක් ඝාතනය කිරීම වැරැද්දක්. 146,000 ක් ද්‍රවිඩයන් ඝාතනය කර තිබේ. මේ යුද්ධය ආරම්භ වූයේ කොළඹ සිටින ද්‍රවිඩයන්ට රජය බෝම්බ දැමීම නිසාය. එලෙස බෝම්බ දැමුවේ රට තුළ ද්‍රවිඩ ඊළම ප‍්‍රකාශයට පත්කිරීම නිසාය. ද්‍රවිඩ ජනතාවගේ සංකේත පවා විනාශ කර ඇත. මේ අන්දමේ සාවද්‍ය ප‍්‍රචාර දියත් වූවක් රජය ඊට ප‍්‍රතිචාර දක්වා නැත. මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ ඇමරිකානු සම්බාධක කි‍්‍රයාත්මක වේද? මේ වනවිට චැගී ගාල්ලගේ, ප‍්‍රසන්න සිල්වා, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, උදය පෙරේරා යන නිලධාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා ලැබුවන්ගේ ලේඛනයේ දක්වා තිබේ. මෙම නිලධාරීන් බටහිර රටවලට ගියහොත් සර්වලෝක නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනේ. ඇමරිකාව, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍ය, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඔස්ටි‍්‍රයාව, බෙල්ජියම, නෝර්වේ, ස්වීඩනය යන රටවල් ඔවුන්ට තහනම් වන අතර සර්වලෝක නීතිය එම රටවල කි‍්‍රයාත්මක වන අතර එම රටවලට ගියහොත් කොටි හිතවාදී ද්‍රවිඩයන් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළහොත් අත්අඩංගුවට ගැනීම් සිදුවේ.

මෙයට හොඳම නිදසුන නේපාලයේ කර්නල් ලාමා බි‍්‍රතාන්‍යයට ගියවිට මා ඕවාදියෙක් ඔහු යුධ අපරාධ කළ බවට දක්වමින් ගොනු කළ පෙත්සම යටතේ බි‍්‍රතාන්‍ය අධිකරණය කර්නල් ලාමාව අත්අඩංගුවට ගැනීමයි. මේ අතර ත‍්‍රස්ත මර්දන පනත සම්බන්ධයෙන් රජය මුහුණ පා ඇත්තේ ගෙදර ගියහොත් අමු නසී මග හිටියොත් තෝ නසී යන ත්ත්ත්වයකටය. ත‍්‍රස්ත මර්දන පනතේ වගන්ති වෙනස් කරන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා ඇත. ත‍්‍රස්ත පනතේ ඇතැම් වගන්ති වෙනස් කරන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඕස්ටේ‍්‍රලියානු රජයේ දූත පිරිසක් වෙතද ප‍්‍රකාශ කර තිබේ. මෙම පනතෙන් ජනපති සහ ආරක්‍ෂක ලේකම්ට ඇති බලය ඉවත් කරලීම නීතිඥ සංගමයේ අරමුණ වේ.

රජය සම්බන්ධකම් පැවැත්වීමට සූදානම් වන්නේ මේවැනි සංවිධාන සමඟද?

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මේ වසරේදී ශ‍්‍රී ලංකාවට සම්බන්ධ වගවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ප‍්‍රකාශ කර ඇත. එකවුන්ටබිලිටි ප්‍රොජෙක්ට් නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතියේ අරමුණ අධිකරණ විභාගයකින් තොරව දඬුවම් කිරීමයි. ජිනීවා මානව හිමිකම් ඉතිහාසයේ මින් පෙර මෙවැන්නක් සිදුවී නැත. එහෙත් ජිනීවා වගවීමේ ව්‍යාපෘතියට රජය අදවනතුරු අභියෝග කර නැත. මෙහිදී රජය අභියෝග කළ යුත්තේ 120000 ක් සාක්‍ෂිකරුවන් කවුරුන්ද සහ ඔවුන් කොටි සංවිධානය සම්බන්ධ වූවන්ද යන්නයි.

එසේ වුවත් විදේශ කටයුතු බලධාරීන් අන්ධයන් ලෙස කටයුතු කරන අතර ජිනීවා වාර්තාව පෙබරවාරි 28 සහ මාර්තු 10 අතර නිකුත්වීමට නියමිතය.

මේ අතර 49 වැනි ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහි 46/1 වන බාහිර යාන්ත‍්‍රණ වාර්තාව ප‍්‍රකාශයට පත්වේ. සාමාජිකයන් 12 ක් එම වාර්තාව කෙටුම්පත් කිරීමට සහය වේ. මේ වාර්තාව සම්මත වුවොත් යුධ අපරාධ චෝදනා සඳහා ස්වාභාවික යුක්තිය ඉල්ලා සිටීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වේ. මේ නිසා විගස කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත හදිසි සංදේශයක් යවා ඇත. එසේ වුවත් විදේශ කටයුතු බලධාරීන් අන්ධයන් ලෙස කටයුතු කරන අතර ජිනීවා වාර්තාව පෙබරවාරි 28 යන මාර්තු 10 අතර නිකුත්වීමට නියමිතය. 46/1 බාහිර යාන්ත‍්‍රණයේ වාර්තා සකස් කරන කමිටුවේ එක් සාමාජිකයෙක් ශ‍්‍රී ලංකාවට පක්‍ෂ මේජර් ජෙනරාල් ජෝන් හොල්ම්ස් වේ.

ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට ආයෙත් ගොරවයි

මෙම වාර්තාව සම්මත කිරීම මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේගේ මෙහෙයුම බව හෙළිවී ඇත. මේ පසුබිම මැද යස්මින් සුකා විසින් බි‍්‍රතාන්‍යයේ නීතිවේදී ජෙයරාජ් පලිහවඩනට එරෙහිව පවරා ඇති නඩුවට රුපියල් ලක්‍ෂ 100 ක් වැයවී ඇතත් නඩුව අවසන් වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment