ශී්ර ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා 11ක් ද කොටි සංවිධානයට විරුද්ධව චෝදනා 4ක් ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනු වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක මණ්ඩල රැුස්වීමේ දී මෙම තොරතුරු හෙළි වී ඇත. මැදගොඩ අභයතිස්ස නාහිමි ඇතුළු ජාතික සංවිධාන ප්රධානීන් සිව්දෙනකු සමග ජනපතිවරයා පැවැත් වූ සාකච්ඡුාවේ දී මුල් වරට මේ තොරතුරු අනාවරණය වී ඇත.
ශී්ර ලංකාවේ හමුදාවට එරෙහිව නීති විරෝධී ඝාතන සිදු කිරීම, බලහත්කාරයෙන් පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් ඇතුළු චෝදනා ඉදිරිපත් වී තිබේ. කොටි සංවිධානයට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ ළමුන් පැහැර ගෙන ගොස් යුද්ධයට බඳවා ගැනීමේ චෝදනාවයි. මෙහි දී යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ලබාදෙන්නැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලන ලෙස ජාතික සංවිධාන ප්රධානීන් ජනපති ගෙන් ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය