2018 ව්‍යවස්ථාදායක අර්බුදයට සහාය දැක්වීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා රහස් පොලිසිය නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ගේ නිවසට කඩාවැදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා කරමින් ජුනි 21 ආරම්භ වන 47 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව වෙත බොරු පැමිණිල්ලක් ගොනු කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
ප‍්‍රංශයේ කොටි හිතවාදී ඩෙස් ගොව්වේ සංවිධානය මේ පැමිණිල්ල ඒවා ඇතැයි ජිනිවා ආරංචි මාර්ග හෙළි කළේය. මෙම පැමිණිල්ල ගැන වහාම කි‍්‍රයා කරන ලෙස එම සංවිධානය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේගෙන් ද ඉල්ලා ඇත.
රහස් පොලිසිය බදුර්දීන්ගේ වත්කම් ද ගනුදෙනු සහ දුරකථන සබඳතා ගැන ද පරීක්ෂණ පවත්වා ඇතැයි එකී පැමිණිල්ලේ තවදුරටත් දක්වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය