ජීවත් වෙන්න වැඩිම මුදල ඕනෑ කොළඹ සහ ගම්පහ අයටලු

113

වර්තමානයේ රට තුළ පවතින උද්ධමනය අනුව එක් පුද්ගලයෙකුට ආහාර පාන ඇතුළු සිය මූලික අවශ්‍යතා සදහා මාසයකට වැය කළ යුතු වැඩිම මුදල වැය කිරීමට සිදුව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි පදිංචි පුද්ගලයින්ට බව සමීක්ෂණයකින් හදුනාගෙන ඇත.ඒ අනුව මෙම දිස්ත්‍රික්ක දෙකෙහි එක් පුද්ගලයකු මාසයකට වැය කළ යුතු මුදල රුපියල් 14,000ක් බව අනාවරණය වී තිබේ.අඩුම මුදල වැය කිරීමට සිදුව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ටය.ඔවුනට වැය කිරීමට සිදුව ඇත්තේ රුපියල් 12,000කි.කලුතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයකු මාසයකට රුපියල් 13,000ක් වැය කළ යුතු බව ද හදුනාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment