ජීවන්ට ජීවය දුන් වැනීසියේ වෙළෙන්දා

111

අද රංගවේදියෙක්
 කතාබහ- – ජීවන් හඳුන්නෙත්ති


 * පාසල් කාලය

 මගේ ගම බලපිටිය. පාසල් ගියේ බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට. එතනදි මට ගුරුවරු කිහිප දෙනෙක් මුණගැහෙනවා. ඒ අතරින් සිල්වා ගුරුතුමා සහ ඩොටී ගුරුතුමිය විශේෂයි. ගායනයෙන් රංගනයෙන් මම දක්වපු දක්‍ෂතා ඔවුන් දැක්කා වගේම ඒ ගැන පැහැදුනා. මේ පැහැදීමත් එක්ක ඔවුන් මම වෙනුවෙන්ම නාට්‍යයක් කරනවා. ඒ වෙනකොට මම පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවෙක්. නාට්‍යය නම් කළේ ‘සැපත සොයා. කියල. මේ නාට්‍යය දිස්ත‍්‍රික් මට්ටමින් හොඳම නාට්‍ය වුණා වගේම මම හොඳම නළුවා ලෙසත් සම්මාන දිනාගන්නට සමත් වුණා.

 * මගෙන් වැඩක්

 මේ නාට්‍යයෙන් පස්සෙ මටත් ආසාවක් ඇතිවුණා නාට්‍යයක් කරන්න. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට ‘යන එන මං. කියන නාට්‍යය මගේ අතින් බිහි වෙනව. ඒ වෙනකොට මම පාසලේ 10 ශ්‍රේණියේ. පසුකාලීනව ‘සම්මානයක් විතරයි” පුරුෂයෙක් ඕනෙ සහ සාරි ගැටේ. යන නාට්‍ය මගේ අතින් බිහිවෙනවා.

 * පාසලේ නළුවා

 මෙතැන් පටන් මට ‘පාසලේ නළුවා. කියන නම පටබැඳුණා. යහළුවෝ කතා කළේ නළුවා කියල. අද මම ඒ ගුරුවරු බලන්න යනකොට එදා කියපු නම වෙනුවට ‘ආ.. මේ අපේ රූපවාහිනියෙ නළුවනෙ. කියන තැනට වෙනස් වෙලා. ඔවුන්ට වගේම මටත් ඒක ලොකු සතුටක්.

ජීවන්ට ජීවය දුන් වැනීසියේ වෙළෙන්දා



 * ගමේ වේදිකාවට

 පාසල් කාලයෙන් පස්සෙ මම ගමේ වේදිකාවට ගොඩවෙනව. ඒ ගුණපාල ද සිල්වා මහත්මයාගේ

 ‘තල් වැට අද්දර සහ ඈත බලන් පුතුනේ. කියන නාට්‍යය හරහා. එතුමාගේ නිර්මාණවල මටත් කලින් රඟපෑවේ මගේ අයියා වන රෝහණ හඳුන්නෙත්ති. මේ නාට්‍ය බලන්න ගිහින් තමයි මටත් ඔවුන් සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

 * ප‍්‍රසිද්ධ වේදිකාවට

 ශම්මි රෝහිත කියන්නෙ මගේ හොඳම යහළුවෙක්. ඔහු බන්දුල විතානගේ මහත්මයාගේ ළඟම නෑයෙක්. ඒ ‘වැනීසියේ වෙළෙන්දා. නාට්‍යයේ පෙර පුහුණුවීම් කරන කාලෙ. දවසක් ශම්මි මට මේ නාට්‍යයේ විස්තර කියනව. එතනදි මම ඔහුට කියනව අනේ මචං පුළුවන්නම් මාවත් ඒකට සම්බන්ධ කරපන් කියල. මේ ඉල්ලීම අනුව ඔහු මාව බන්දුල විතානගේ මහත්මයාට හඳුන්වා දෙනවා. මේ හඳුන්වාදීම මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්‍ෂය බවට පත්වෙනව.

 * ගමෙන් කොළඹට

 මේ වෙනකොට මට අවුරුදු විස්සක් විතර ඇති. ගමේ නාට්‍යයෙන් ඈත් වෙලා කොළඹ නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණෙ මේ කාලෙ. පිළියන්දල අපේ අක්කාගේ

 ගෙදර ඉඳන් වගේම අයියාගේ බෝඩිමේ නැවතිලා මම මේ නිර්මාණ වලට සම්බන්ධ වුණා. අයියාගේ බෝඩිමේ නැවතිලා ඉන්න කාලෙ මට ඉන්ද්‍රජිත් නාවින්න” ආනන්ද ගමගේ”

 රූපසිංහ කංකානම් යන ශිල්පීන්ගේ

 ඇසුර ලැබෙනව. මේ අවස්ථාවත් මගේ ජීවිතයට බොහොම වැදගත් වුණා.

 * පියවරක් ඉදිරියට

 වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේදී මට ලින්ටන් සේමගේ සහ රොඞ්නි වර්ණකුල යන ශිල්පීන්හ ඳුනාගන්න ලැබෙනව. ඒ හඳුනාගැනීමේ ප‍්‍රථිපලයක් විදිහට රොඞ්නි මාව දයානන්ද ගුණවර්ධන මහත්මයාට හඳුන්වා දෙනව. ඒ අනුව එතුමාගේ ‘මධුර ජවනිකා සහ ආනන්ද ජවනිකා. නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඊළඟට ලිංටන් සොමී රත්නායක මහත්මයාට මාව හඳුන්වා දෙනව. එහි ප‍්‍රතිඵලයක් විදිහට එතුමාගේ ‘යස මකරු සහ සබඳ මම රස්පුටින්. යන නාට්‍ය දෙකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. මේ ඇසුරත් එක්ක මම සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනව.

ජීවන්ට ජීවය දුන් වැනීසියේ වෙළෙන්දා


 * පවුලේ පසුබිම

 මගේ තාත්තා ගුණානන්ද සොයිසා. ඔහු ගමට නැතිවම බැරි බජව් සංගීත ශිල්පියෙක්. කලාව අපේ ගෙදරම තිබුණ නිසා මම සංගීතය පැත්තට යොමු වීමේ අවස්ථාව

 වැඩි වුණා. ඒ වගේම ගමේ නැටුම් ගුරුවරයෙක් වුණ බන්දු විජේසූරිය මහත්මයාගෙන් නැටුම් ඉගෙනගෙන එතුමාගේ

 නැටුම් කණ්ඩායමේ කෝළං නැටුම් ශිල්පියෙක් හැටියට කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා.

 * යහළුවාගේ යෝජනාව

 ගමේ යහළුවෙක් හිටියා නිමල් කනගරත්න කියලා. ඔහු මට යෝජනාවක් ගේනවා අපි කැසට් එකක් කරමු කියල. මේ යෝජනාව අනුව අපි වැඩ

 පටන්ගන්නවා. කොළඹ ඇවිත් ජගත් වික‍්‍රමසිංහ මහත්මයාව මුණගැහිලා සංගීතය සැපයීම ගැන

 කතාකරගන්නවා. නිෂ්පාදකවරයා වුණේ මගේ යහළුවා. ගායකයා වුණේ මම. ගීත දහයක් ඇතුළත් වුණ මේ කැසට් එකක් රුපියල් සියය ගණනෙ ගෙයක් ගෙයක් ගානේ ඇවිදලා විකිණුවා.

 * වෘත්තිය

 මම හරි කැමැත්තෙන් හිටියා සංස්කෘතික ගුරුවරියක් බඳින්න. ඒ වගේම මගේ බිරිඳ නිරෝෂණීත් කැමැත්තෙන් ඉඳල තියෙනව කලාකරුවෙක් බඳින්න. දෛවෝපගතව ඒ අදහස් එක්ක අපි දැනහඳුනාගත්තා. ඇය කැමති වුණේ නැහැ මම කලාව හැර වෙනත් වෘත්තියක් කරනවාට. ඒ නිසාම මම කලාව හැර වෙනත් වෘත්තියක් තෝරා ගත්තේ නහැ.

 * සම්මානයක බලාපොරොත්තුව

 මම සම්මානවලට ගිජු කෙනෙක් නෙමෙයි. කොළඹ ආවට පස්සෙ නාට්‍ය තරගවලට යොමු වුණෙත් නැහැ. මොකද ඒවායින් වෙන්නෙ හිත්රිදීම් විතරයි. හොඳ නිර්මාණයක් පේ‍්‍රක්‍ෂකයාට දෙන්න පුළුවන් නම්” ඔවුන්ගෙන් හොඳ ප‍්‍රතිචාරයක් ලබන්න පුළුවන් නම් ඒ තමයි මට ලබන්න පුළුවන් ඉහළම සම්මානය.

 * සුන්දර අතීතය

 කලා ජීවිතයේ සුන්දරම තැන වුණේ නාට්‍ය බස් එක. එක දවසක් ගාල්ල මාතර පැත්තෙ ගිහින් එනකොට තේ බොන්න අතරමග නැවැත්තුවා. මං හොඳටම නිදි. අපේ අනෙක් අය බැහැල ගිහින්. ටික වෙලාවකින් මට සංගීතයක වගේ සද්දයක් ඇහිල මට ඇහැරුණා. ඔළුවෙ ඉඳන් සරම දාගෙන කඬේ පැත්තට ගිය මම අර සංගීත සද්දෙට හොඳටම නැටුවා. අපේ කට්ටියයි අහල පහල හිටපු අයයි හිනා වෙවී අප්පුඩි ගහනව. ටික වෙලාවක් යද්දි මාව අඳුනාගන්නවා. ඔවුන්ට

 හිතාගන්න බෑ වුණේ මොකක්ද කියල. එයාල එනකොට මම හොඳටම නිදිනෙ.

 * ප‍්‍රවීණයෝ සහ නවකයෝ

 ඇත්තටම ප‍්‍රවීණයන් සහ නවකයන් අතර ගැටුමක් නැහැ. මොකද ප‍්‍රවීණයන් ගොඩක් දේවල් දිනාගෙන ඉවරයි. තරුණ අය ප‍්‍රවීණයන්ගෙන් ලැබිය යුතු දේ ලබාගන්න නම් නිහතමානී වෙන්න ඕනා. නමුත් අද ඒ දේ වෙනවද නැද්ද කියන එක ප‍්‍රශ්නයක් වෙලා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment