ජීවිත මංතලාවේ අතරමං වූ මේනකා – අබ්ලික් story

238

‘දුවේ උඹට ඔය කොළඹ රටේ රස්සාවල් කරන්න පුරුද්දක් නෑනෙ. අපි කොහොම හරි ජීවත් වෙමු. උඹලගෙ තාත්තා අසනීප වුණේ නැත්නම් කවදාවත් උඹලට මෙහෙම වෙන්නෙ නැහැ…’’
 
 මේනකාගේ අම්මා කඳුළු පිරි දෙනෙතින් කියන්න වුණා.
 
 ‘‘අම්මෙ අපට දැන් වෙන කරන්න දෙයක් නැහැ. නංගිටයි මල්ලිටයි හොඳට උගන්වන්න ඕනෙ. නැත්නම් ඒ දෙන්නගෙ අනාගතෙත් විනාශ වෙලා යනවා.’’
 
 මේනකා අරගෙන තිබුණු තීරණය වෙනස් කර ගන්න කැමැති වුණේ නැහැ.
 
 මේනකාගේ ගෙවල් තිබුණෙ ඇල්පිටිය පැත්තෙ හද්දා පිටිසර ගමක. මේනකාගෙ පියා දරුණු පිළිකා රෝගයකින් පෙළුනා. මවට රස්සාවක් තිබුණෙ නැහැ. එයාගෙ බාල සොහොයුරයි සොහොයුරියයි තාම පාසල් යනවා. මේ කැදැල්ලෙ අගහිඟකම් එමටයි.
 
 කරන්නට දෙයක් නැති තැනයි ඇය තීරණය කළේ කොළඹ ගිහින් මොකක් හරි රස්සාවක් කරනවා කියලා. ගෙදර ප‍්‍රශ්න නිසා මේනකාට හරි අධ්‍යාපනයක් ලබා ගන්නත් බැරි වුණා. ඒ නිසා උසස් රැුකියාවක් කර ගන්න තරම් ඇයට සුදුසුකම් තිබුණෙත් නැහැ.
 
 පුවත්පත්වල තිබුණු රැුකියා ඇබෑර්තුවලට ඇය දිනපතා අයැදුම්පත් දැම්මා. දවසක් ගල්කිස්ස පැත්තෙ එක්තරා හෝටලකින් මේනකාට කැඳවීමේ ලිපියක් ආවා. කොළඹ රටේ වෙන දේවල් ගැන මේනකාට දැනුමක් තිබුණෙ නැහැ. ඇය සම්මුඛ පරීක්ෂණයට ආවෙත් තනිවමයි. එහෙම තනිනොතනියට එන්න කියලා කෙනෙකුත් ඇවිත් හිටියෙ නැහැ.
 
 ‘‘ඔයා වගෙ ලස්සන කෙල්ලෝ තමයි මෙතනට ඕන කරන්නෙ. මොකද අපිට ඉන්නවා ලොකු කස්ටමස්ලා සෙට් එකක්. අපි හැමවෙලේම ඒ අයගෙ සතුට ගැන හිතන්න ඕනෙ.
 
 ඔයාට අපි රුපියල් පනස් දාහක මූලික වැටුපක් ගෙවනවා. ඒ අතරේ තව තවත් දීමනා ගොඩක් ලැබෙනවා.’’
 
 සම්මුඛ පරීක්ෂණය පවත්වපු බොහෝම වැදගත් පෙනුමක් තිබුණු පුද්ගලයා එහෙම කිව්වම මේනකාට ඉහේ මලක් පිපුනා වගේ වුණා. රුපියල් පනස්දාහක වැටුපක් ගෙවනවා කිව්වට ඇයට හිතාගන්නවත් බැහැ. පනස්දාහක් තියා රුපියල් දාහක් දෙදාහක් අතට ගත් කාලයක් ඇයගෙ මතකයේ තිබුණෙ නැහැ.
 
 අනාගතය ගැන දහසකුත් සිහින මවමින් ඇය ආපහු ඇල්පිටියට ගියා.
 
 ‘‘අම්මේ අපේ වාසනාව දැන් තමයි උදා වෙන්නෙ. මාව ඒ හෝටලේ රස්සාවට තෝර ගත්තා පනස්දාහක පඩිය. තව දීමනා ගොඩයි.’’
 
 මේනකා අහිංසක අම්මව බදාගෙන සතුටු කඳුළු වැගිරුවා. හෝටලයෙන් දැනුම් දුන්න දිනයේ මේනකා කොළඹ එන්න පිටත් වුණා. දුරබැහැර ඉන්න නිසා ඇයට හෝටලයේම නතර වෙන්න තැනකුත් ලෑස්ති කරලා තිබුණා.
 
 ජීවිතේ කිසිම දවසක එක රැුයක් ගෙදරින් පිටවෙලා නොහිටිය මේනකා සති කීපයක් කොළඹ නවාතැන් ගන්න ආවෙ හිතකින් නෙවෙයි.
 
 ඔයාට වැඩ තියෙන්නෙ ? අටේ ඉඳලා පහුවදා උදේ හය වෙනකල්. ඒ නිසා ඔයා දවල්ට නිදාගෙන රෙස්ට් එකේ ඉඳලා ?ට ඇහැරලා ඉන්න.
 
 හෝටලේ කළමනාකරු මේනකාට උපදෙස් දුන්නා. මේක හෝටලයක් කිව්වට කැරෝකේ සමාජ ශාලාවක් බව මේනකා දැනගෙන හිටියෙ නැහැ. මේනකා ගමේ විදිහට දණිහිස්සට අඩියක් විතර පහළින් දිග ගවුමක් ඇඳගෙන අහිංසක විදිහට හිටියෙ.
 
 ඔයාගෙ ඔය ඇඳුම නම් මෙතනට ගැලපෙන්නෙ නැහැ. ඉන්න අපි මෙහෙට හරි යන ඇඳුම් ටිකක් දෙන්න.
 
 කැරෝකේ සමාජශාලාවේ පාලිකාව විදිහට හිටිය කාන්තාව මේනකාට අලූත් ඇඳුම් ටිකක් දුන්නා. ඒවා දැක්කට පස්සෙ මේනකාට හීන් දාඩිය දැම්මා.
 
 දණහිසේ ඉඳලා අඩියක් විතර උඩින් තිබුණු කොට සාය මේනකා ඇන්දෙ මහා ලැජ්ජාවකින්. ඒත් කරන්න දෙයක් නැහැ. මේනකාට ගෙදර මතක් වුණා. දහදුක් වින්ද අම්මයි තාත්තයි නංගියි මල්ලියි මේ හැම දෙයක්ම ඔළුවට ආවා.
 
 වෙන කරන්න දෙයක් නැහැ. එන දේකට මුහුණ දෙනවා කියලා. විලිබිය පැත්තක තියලා අර ඇඳුම් මේනකා ඇඳ ගත්තා.
 
 මේනකා ඔයා නම්බර් 2 රූම් එකට යන්න අද ඔයාට වැඩ තියෙන්නෙ එතන මේනකාගෙ ගත හිරිවැටිලා ගියා. එයා අඳුරු කාමරයට ඇතුළු වෙද්දී තරුණයෝ හත්අට දෙනෙක් මත්පැන් පානය කරමින් හිටියා. රූමත් තරුණියෝ කීපදෙනකුත් මේ තරුණයන්ට මැදිවෙලා හරි හරියට මත්පැන් පානය කරනවා.
 
 එක පාරටම තරුණයෙක් මේනකාව බදා ගත්තා. ඒ වනතුරු ජීවිතේ කිසිම දවසක තරුණයකුගෙ ස්පර්ශයක් මේනකා ලබලා තිබුණෙ නැහැ. ඇයගෙ මුළු ගතම හිරිවැටිලා ගියා. රැුය පහන් වුණා. ඒ වෙන කොට මේනකා තරුණයෝ හත් අට දෙනෙක් අතරේ හුවමාරු වෙච්ච භාණ්ඩයක් බවට පත් වෙලා තිබුණා.
 
 මේනකා පහුවදා උදේ හොඳටම ඇ`ඩුවා. එයාගෙ හෑන්ඞ් බෑග් එක ඇරලා බලද්දි රුපියල් දහසේ නෝට්ටු මිටියක් ඒක ඇතුලෙ ඒ සල්ලාලයො දීපු තෑගි මුදල් දැන් වෙන කරන්න දෙයක් නැහැ. මගේ ජීවිතේ නැති කරගෙන හරි අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි බලාගන්න ඕනෙ ඕන දේකට මුහුණ දෙන්න හිත හදා ගන්නවා.
 
 එහෙම හිතුව මේනකා අලූත් ජීවිතේට හැඩ ගැහෙන්න පුරුදු වෙන්න හිතා ගත්තා. ඒත් වැඩි දවසක් මේනකාට මේ රස්සාව කරන්න ලැබුණෙ නැහැ.
 
 මේ කැරෝකේ අවන්හලේම ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා කියලා පොලිසිය මේක වට කළා. අන්තිමේදී මේනකාට පොලිස් ජීප් රථයේ නැගලා පොලිසියට යන්න සිද්ධ වුණේ ගණිකාවක් කියන ලේබල් එකත් ගහගෙන.
 
 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment