ජීවිත රඟමඬලින් බැස ගිය භාරතයේ සුපිරි තරුව දිලිප් කුමාර්

207

පේෂාවර්, පකිස්තානය හා ඉන්දියාව බෙදී වෙන්වීමට පෙර ‘හින්දුස්ථානය’ එනම් පැරණි ඉන්දියාවේ ප‍්‍රාන්තයක් විය. අද එය පාකිස්තානයේ ප‍්‍රමුඛ නගරයකි.

 පේෂාවර් හී එක් ශීත සෘතුවක උදෑසනක (1922 දෙසැ. 11 දා) පලතුරු වෙළෙන්දකු වූ මොහොමඞ් සර්වාර් ඛාන් සහ ඔහුගේ බිරිඳ අයේෂා බෙගම් යුවළගේ පස්වැනි දරුවා මෙලොව එළිය දුටුවේය. ඔවුන් සමාජයේ ඉහළින් වැජඹෙන ඉන්දු – ඉරානීය සම්භවයකින් පැවත එන පඨාන්වරුන් විය. ගෞරවනීය පඨාන්වරුන්ට ආවේණික රූප සම්පත්තිය උපතින්ම මේ දරු පැටියාට ද උරුම වී තිබිණි. මොහොමඞ් යුසුෆ් ඛාන් ඔහුට තැබුණු නමයි. යුසුෆ්ට සහෝදර සහෝදරියෝ 13 දෙනෙකි.

ජීවිත රඟමඬලින් බැස ගිය භාරතයේ සුපිරි තරුව දිලිප් කුමාර්

යුසුෆ්ට පියාගේ ව්‍යාපාරික කටයුතු නිසා බොම්බායට ද පසුව නාෂික් ප‍්‍රාන්තයේ ඩියෝලාලියෙහිද පදිංචියට යෑමට සිදුවිය. දෙවැනි ලෝක යුද සමයේ ආරම්භයත් සමගම සර්වාර් ඛාන් ගේ පලතුරු වෙළෙඳාම බිඳ වැටිණි. නැවත මේ පිරිස ජනාකීර්ණ බොම්බායට පැමිණියේ ඩියොලාලි හී නිවස බි‍්‍රතාන්‍ය හමුදාවට පවරාගත් නිසාය. යුසුෆ් ගේ මව රෝගීව මියයන්නේ 1948 අගෝස්තු 27 වැනිදාය.

 දක්ෂ සිසුවකු වූ යුසුෆ් ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ සියා උද්දීන් යටතේ අන්ජුමන්-ඒ-ඉස්ලාම් පාසලේ අධ්‍යාපනය ලැබීය. එම යුගයේ යුසුෆ් අති දක්ෂ කි‍්‍රකට් හා පාපන්දු කී‍්‍රඩකයකු විය. මැටි‍්‍රකියුලේෂන් විභාගය සමත් වූ ඔහුට විල්සන් උසස් පාසලට යෑමට සිදුවිය. වස ලජ්ජාකාරයකු වූ යුසුෆ්ට එහි පරිසරය කිසිසේත්ම හිත සුව පිණිස නොවූවේ ගැහැනු ළමුන් සමග කටයුතු කරන්නට සිදුවූ නිසාය. පසු කලෙක සිනමාවේ පේ‍්‍රම චරිත කරද්දී මේ අධික ලජ්ජාව හේතුවෙන් යුසුෆ් බොහෝ අවස්ථාවලදී අපහසුතාවට පත් විය. විල්සන් විද්‍යාලයේදී යුසුෆ් ගේ හොඳම මිතුරා ඔහු පිළිබඳ දශක තුනකට පසු මෙසේ මතකය අවදි කළේය.

ජීවිත රඟමඬලින් බැස ගිය භාරතයේ සුපිරි තරුව දිලිප් කුමාර්


 ‘‘ඔහු විශේෂයෙන් ගැහැනු ළමුන් සිටින තැනකදී විදුහලේ වේදිකා නාට්‍යයක රඟපෑමට ආරාධනා කළ විට මුහුණ රතුකර ගත්තා. අතිශය ලජ්ජාශීලී යුසුෆ් කිසි විටක ඊට කැමති කරවා ගත නොහැකි වුණා.’’

 මේ මිතුරා අන් කිසිවකු නොව පෘථිවිරාජ් කාපූර් ගේ දෙටු පුත‍්‍රයා වූ ‘රාජ්කපූර්’ ය. නමුත් පුදුමය නම් පසුව වැඩිම සිනමා සම්මාන ගණණනක් හිමි කරගත් ඉන්දීය නළුවාට හිමි ගිනස් වාර්තාව මේ ලජ්ජාශීලී තරුණයා ඉදිරියේ ලියැවීමයි. ‘‘ මට ඕනෑ වුණේ හොඳ කී‍්‍රඩකයෙක් වීමටයි. රඟපෑමට අදහස් හිතේ අහලකවත් තිබුණේ නෑ’’ ඒ යුසුෆ් ගේ ප‍්‍රකාශයකි.

 අධ්‍යාපන කටයුතු නිමකර පියාගේ පලතුරු වෙළෙඳාමට සම්බන්ධ වූ ඔහු අනතුරුව ආපන ශාලා සහාය කළමනාකරුවකු බවට පත්විය. සිනක් ගනුදෙනුවකට නයිනිතාල් බලා පිටත් විය.

 මේ ආපනශාලාකරුවා කාගේ හෝ පණිවිඩයකට එදින ‘‘බොම්බේ ටොකිස්’ සිනමා ආයතනයට පැමිණියේය. නළලට වැටුණු අකීකරු කෙස් කළඹ සහිත පැහැපත් පෙනුමෙන් යුතු මේ තරුණයා දුටු පළමු මොහොතේම එවකට හින්දි සිනමාවේ මහා කලාකාරිනියක වූ දේවිකා රාණී විසින් රඟපෑමට සුදුස්සෙකු ලෙස ඔහුව තෝරා ගත්තාය. පුනේ නගරයේ පිහිටි ආපන ශාලාව ද වසා දමා ඔහු බොම්බේ ටෝකිස් චිත‍්‍රාගාරයට පැමිණියේය. යුසුෆ් ඛාන් චිත‍්‍රපට නළුවෙකුට උචිත නමක් කොවේ යැයි කියූ දේවිකා රාණි පැවසුවේ ජෙහන්ගීර්, වාසුදේව්, දිලිප් කුමාර් යන නම් තුනෙන් එකක් තෝරාගන්නා ලෙසයි. කටට ආ පලියට ඔහු දිලිප් කුමාර් හොඳ යැයි පැවසුවේය. මේ නම් තුන නිර්මාණය කර තිබුණේ හින්දි සාහිත්‍යධර භග්වතී චරණ් චර්මා ය. 1943 දී දිලිප් කුමාර් වූ ඔහු 1944 දී තම පළමු චිත‍්‍රපයට වූ ‘ජ්වාර් භාටා’ හී රඟපෑවේය. සිනමා පිස්සුව වැළඳී තිබූ ඔහුගේ බාල සොහොයුරා නසීර් ඛාන් ද ඒ වනවිට සිනමාවට එක්වී සිටි අතර දෙදෙනාම මෙම කටයුතුවල නිරත වූයේ පියාට හොරෙන්ය. සම්ප‍්‍රදායානුකූල අභිමානවත් පඨාන් පවුලක සොහොයුරන් දෙදෙනකු සිනමාවට පිවිසීම එදවස විස්මිත කාරණයක් විය. 1950 මාර්තු 5 දා ඔවුන්ගේ පියාගේ වියෝව සිදු විය.

 ‘ ජ්වාර් භාටා’ නිෂ්පාදනයේදී අම්ය චක‍්‍රවර්තිගේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ තරුණ රාජ් කපූර්ය. අනාගත ඉන්දීය සිනමාවේ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තයන් බවට පත්වූ අනගිභවනීය කීර්තියක් අත්කරගත් එකම ගමේ උපන් දෙදෙනකු එක් චිත‍්‍රපටයකින් සිය ජෝතිමත් වෘත්තිය ඇරඹීම මොන තරම් දෛවෝපගත සිදුවීමක්ද?

ජීවිත රඟමඬලින් බැස ගිය භාරතයේ සුපිරි තරුව දිලිප් කුමාර්



 මේ අපූරු ඉතිහාස කතාව හෙළි කරන්නේ හින්දි සිනමාවේ ප‍්‍රවීන ලේඛකයකු, පුවත්පත් කලාවේදියකු (ඉන්දියන් එක්ස්ප‍්‍රස්, ෆිල්ම් ෆෙයාර්, ක්‍සබැ ඊකසඑ‘) වූ ඛනී රූබන් විසින් රචිත .ෘසකසච ණමප්ර – ීඒර ඛැටැබා දෙ ෂබාස්බ ක්‍සබැප්. කෘතියෙනි. මෙය සිංහල බසට පරිවර්තනය කරනු ලැබුවේ මෙරට සිටින මහා රංගධරයකු වන ටෝනි රණසිංහයන් විසිනි. ඒ නුගේගොඩ සරසවි ප‍්‍රකාශනයක් වශයෙනි.

 දිලිප් රඟපෑ මුල් චිත‍්‍රපට තුනම (ජ්වාර් භාටා, ප‍්‍රතිමා, මිලන්) අසාර්ථක වූ අතර ෆිල්ම් ඉන්ඩියා කර්තෘ බාබුරාම් පතෙල් දිලිප්ව නිර්දය ලෙස විවේචනය කරමින් ඔහුව බෙලහීනයකු ලෙස හැඳින්වීය. නමුත් ඔහුගේ සොහොයුරා නසීර් රඟපෑ ‘මස්¥ර්’ සාර්ථක වූ අතර ජනපි‍්‍රයත්වයේ මුදුනටම ආවේය.

 හිමන්සු රායි මියගිය පසු බොම්බේ ටෝකිස් පාලකයා වූ හිතේන් චෞද්රි විසින් නිතින් බෝස්, බිමල් රෝයි යන සිනමාකරුවන්ව කැඳවා ගත්තේය. දිලිප් නිතින් බෝස්ගේ දෙබස් අධ්‍යක්ෂකවරයා විය. ඔහු යටතේ ජය මාවතට පිළිපන් දිලිප් ‘මිලන්’ ඔස්සේ තාත්වික රංගනය හින්දි සිනමාවට හඳුන්වා දුන්නේය. පමණ ඉක්මවා ඝෝෂාකාරී රංගනයන් රජැයූ කලෙක, තම පළමු චිත‍්‍රපට දෙකම අසාර්ථක කරගත් මේ තරුණ නළුවා ‘මිලන්’ ඔස්සේ බොලිවුඞ් සිනමාවට නවතාවක් ගෙන ආවේය.

 අනභිභවනීය දිලිප් කුමාර් තමන්ට ආවේණික රංගන ශෛලියක් වර්ධනය කරගත් බවට පළකළ ප‍්‍රථම ඉඟිය එය විය. දිලිප් ඒ ගැන මෙසේ පවසයි.

 ‘‘බොම්බේ ටොකිස් හිදී මා නිතින් බෝස්ගෙන් උගත් එක් දෙයක් නම් නිහඬතාවයේ වැදගත්කමයි. දෙබස් සහ පසුබිම් සංගීතය අතර එය සමබරව යොදාගත් විට නිර්මාණය පේ‍්‍රක්ෂකයන් ගේ ආත්මය තුළට කිදා බසී.’’

 හරි වේලාවට හරි තැන හරි මිනිසුන් සිටිය යුතුය යන කියමන අනුව කි‍්‍රයාත්මක වූ දෛවය දිලිප් කුමාර්, රාජ් කාපූර් හා දේව් ආනන්ද් තරුණයින් තිදෙනා යුගයේ පරමාදර්ශයන් බවට පත් කළේය. 1947 දී දිලිප් රඟපෑ ‘ජුග්නු’ අති සාර්ථක චිත‍්‍රපටයක් විය. හින්දි සිනමාවේ දුක්බර පෙම්වතා වූ දිලිප් අනතුරුව අනෝඛා ප්‍යාර් (1948), මේලා, ශහීද් මෙහෙබුඛ්ඛාන් ගේ අන්දාස් (1949), බාබුල් (1950), දීදාර්, හල්චල් (1951), තරානා (1952), ෆුට් පාත් (1953), අමර් (1954), ඉන්සානියත්, උරන් ඛටෝලා, අසාද් (1955), දේව්දාස් (1956), නයා දෞර් (1957), මුසාෆිර්, බිමල් රෝයිගේ මධුමතී (1958), යහුදී, කොහිනූර් (1960), ලීඩර් (1964), රාම් ඕර් ශ්‍යාම් (1967), ආද්මි (1968) ඇතුළු චිත‍්‍රපට 30 කට පමණ දායක විය.

 ‘‘කාමිනී, කෞෂාල්, නර්ගීස්, නිම්මි, මධුබාලා, නදීරා, වහීඩා රෙහෙමාන්, වෛජයන්ති මාලා, මීනා කුමාරි, සයිරා භානු’ සමග දිලිප් පේ‍්‍රම චරිත රඟපෑවද සැබෑ ලෙසම පෙමින් බැඳුනේ මධුබාලා සමගිනි. නමුත් ඇගේ පියාගේ විරෝධය මත දෙදෙනා වෙන්විය. දිලිප් නිපදවූ එකම සිනමා නිර්මාණය ‘ගංගා ජමුනා’ 1961 දී තිරගත විය.

 1960 දී 44 හැවිරිදි දිලිප් 22 හැවිරිදි ජනපි‍්‍රය නිළි සයිිරා භානු සමග විවාහ විය. 1970 සිට ඔහු ගෝපි, දාස්තාන්, අනෝඛා මිලන්, සගීනා, බයිරාග්, ක‍්‍රාන්ති, ශක්ති, විධාතා, මස්ඩූර්, දුනියා, මෂාල්, ධරම් අධිකාරි, කර්ම ඇතුළු චිත‍්‍රපට 28 කට දායක විය. සෞදාගර් (1991), කිලා (1998) ඔහු රඟපෑ අවසන් චිත‍්‍රපට ද්විත්වයයි. 2000 සිට 2006 දක්වා මේ මහා රංගධරයා ඉන්දීය රාජ්‍ය සභාව් මන්තී‍්‍රවරයකු ලෙස කටයුතු කළේය.

 චිත‍්‍රපට 58 ක පමණක් රඟපාමින් 1953-1982 කාලය තුළ හොඳම නළුවාට හිමි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය 8 වරක් හිමිකරගත් දිලිප් 1991 – පද්මභූෂන් ඇතුළු සම්මාන රැුසක් ලැබීමට භාග්‍යය හිමිකර ගත්තේය. ‘දිලිප් කුමාර්’ චරිතාපදානය ඛනී රූබන් පිළිගන්වන්නේ මෙසේ සටහන් කරමිනි.

 ‘‘මේ දෙදෙනාගෙන් එක් අයෙක් ගැන සිතන විට අනෙකා පිළිබඳව සිතන්න, කතා කරන්නට හෝ ලියන්නට අමතක කළ නොහැකි නිසා දිලිප් කුමාර් චරිත කතාව රාජ් කපූර්ගේ සුවිශේෂ සහ සදාකාලික මතකයට පිළිගන්වමි.’’ බොම්බේ ටෝකිස් යුගයෙන් පසුව ඔහු ‘ෆිල්ම්ස්තාන්’ සෙවණට ආවේය. එහි නිර්මාතෘ එස්. මුකර්ජි ඔහුගේ සමස්ත සිනමා දිවියේ මාර්ගෝපදේශකයා විය. 1940-50 කාලයේ ඔහු ස්ටැනිස්ලාව්ස්කි, පෝල් මුනි, ලෝර්න්ස් ඔලිවියර්, මොන්ටිගොමරි ක්ලිෆ්ට් ගේ රංගන ක‍්‍රමවේද හැදෑරුවේය. එමෙන්ම ඔහු මාලන් බ‍්‍රැන්ඩෝගේ අනුගාමිකයෙක් විය. අවසානයේ ‘දිලිප් කුමාර්’ ජීවතුන් අතර සිටියදීම පරිපූර්ණ පුරාවෘත්තයක් බවට පත් විය.

Dileep Kumar5 ඊයේ අලූයම ජීවිතය නිමා කළද මෙම දිලිප් කුමාර් නාමය ඔහුගේ චමත්කාර රංගනයේ මතකයන් සමගින් සදාකල් රැඳී පවතින්නේය.

 (ප‍්‍රවීණ රංගධර අභවප‍්‍රාප්ත වූ ටෝනි රණසිංහයන් එදා පරිවර්තනය කළ ‘දිලිප් කුමාර්’ ග‍්‍රන්ථයේ සඳහන් කරුණු ද ඇසුරින් සැකසිනි.)

 * සචිත‍්‍ර නේරංජන ඇල්වලගේ

 1977 හයවන අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලට එක්වූ අපේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, චිත‍්‍රපට අධ්‍යක්ෂ යෂ් චොප්රා, සයිරා බානු, රීෂි කපුර් නිළි රැජින මාලිනි ෆොන්සේකා සහ දිලිප් කුමාර්

advertistmentadvertistment
advertistmentadvertistment