ජී.අයි. බට නඩුව: කෙහෙළියට චෝදනා කියවා නඩු විභාගය අරඹයි

123

ජී. අයි. පයිප්ප සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට ඊයේ (25දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී චෝදනා පත්‍ර කියවා දුන්නේය.

මහාධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක එම්. තුවාන් සදාම් මහතා විසින් විවෘත අධිකරණය හමුවේදී කියවා දුන් එකී අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා හතරටම තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් ප්‍රකාශ කිරීම නිසා නඩු විභාගය ආරම්භ කිරීමට විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය. ඒ අනුව ශ්‍රීලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු වෙළෙඳ කළමනාකරු සනත් ප්‍රියන්ත ධර්මවර්ධන මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍යතාවයක් නොතිබියදීත් සංස්ථාවේ මුදලින් රුපියල් නවලක්ෂ අනූදහසක් වැයකර ජි. අයි. පයිස්ප 600ක් මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment