ජී-20 සමුළුවෙන් පුටින් ඉවත් වෙයි

551

ලබන සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ජී -20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවට තමා සහභාගි නොවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි වෙත දැනුම් දී තිබේ. ඉන්දීය අගමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දේ ඇති රුසියානු ජනාධිපති පුටින් තමා සමුළුවට සහභාගී නොවන බවත් රුසියාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති සර්ගේ ලැව්රෝව් සහභාගී වනු ඇතැයි පවසා තිබේ. සිය කාර්ය බහුලත්වය හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙවර ජී-20 සමුළුවට සහභාගී නොවන බව රුසියාව විසින් ඉකුත් සතියේදී නිවේදනය කර තිබිණි.

මෙවර ජී -20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව ලබන සැප්තැම්බර් 9-10 දෙදිනේ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම් සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා වනු ඇති බවට මත පළ වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment