ජුනි දක්වා ‘ලයිට්’ දෙන්න ගල් අඟුරු තිබෙනවා – ගල්අඟුරු සමාගමේ සභාපති

153

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව මේ වසරේ (2022) ජුනි මාසය තෙක් විදුලිය නිපදවීමට ප‍්‍රමාණවත් ගල් අඟුරු පවතින බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා පවසයි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය වෙනුවෙන් ගල් අඟුරු තිබෙන්නේ තව මාස 03 කට යන්න ඊයේ (20 දා) ‘දිවයින’ පුවත්පතේ පළවී තිබූ වාර්තාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී.

ගල් අඟුරු සැපයීම සිදුවන්නේ 2021/2022 ගල්අඟුරු වාරය හෙවත් 2021 සැප්තැම්බර් සිට 2022 අපේ‍්‍රල් දක්වා (බටහිර වෙරළ නිරිත දිග මෝසම් වැසි රහිත) කාලය තුළයි. මෙම කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ප‍්‍රමාණය මෙ. ටො. මිලියන 2.28 ක් බව ලක්විජය බලාගාරය මගින් ගල්අඟුරු සමාගම වෙත දැනුම්දී තිබිණි. ඒ අනුව අදාළ ගල්අඟුරු ප‍්‍රමාණය ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ පදනම මත කැබිනට් මණ්ඩලය මගින් පත් කරන ලද ප‍්‍රසම්පාදන මණ්ඩලකින් ද, මුදල් අමාත්‍යාංශය මගින් පත් කරන ලද තාක්‍ෂණික ඇගයීම කමිටුවකින් ද නිර්දේශ කොට විනිවිදභාවයෙන් යුත් ප‍්‍රධාන හා ක්ෂණික ටෙන්ඩර් ක‍්‍රියාවලියක් යටතේ කිසිදු ගැටලූවකින් තොරව කැබිනට් අනුමැතිය සහිතව ප‍්‍රදානය කොට ඇත.

මේ වන විට 2022 වර්ෂයේ දෙසැම්බර් දක්වා කාලයට අවශ්‍ය ගල් අඟුරු තොග පුත්තලම ලක්විජය බලාගාරයට සැපයීමට අවශ්‍ය ප‍්‍රසම්පාදන කටයුතු සම්පූර්ණ කර ඇත. මෙම වාරයට අදාළව ගෙන්විය යුතු ගල්අඟුරු නැව් වාර

38 න් 22 ක් සඳහාම ණයවර ලිපි විවෘත කර මහජන බැංකුව හරහා අදාළ ගෙවීම් කිරීමට ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ විදුලිබල අමාත්‍යවරයාගේ හා ලේකම්වරියගේ ම`ගපෙන්වීමෙන් මහබැංකු අධිපතිතුමාගේ හා නියෝජ්‍ය අධිපතිතුමාගේ මැදිහත්වීමෙන් එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් එම තත්ත්වය නිරාකරණය කරගැනීමට හැකි විය. ඒ අනුව ඉතිරි නැව් වාර 16 සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතී.

තවද මෙතෙක් විවෘත කර ඇති ණයවර ලිපි මගින් සැපයීමට නියමිත ගල් අඟුරු තොග මෙටි‍්‍රක් ටොන් 1,320,000 ක් පමණ) මගින් 2022 වර්ෂයේ ජුනි මාසය තෙක් විදුලිය නිපදවීමට ප‍්‍රමාණවත් වේ. දැනට විවෘත කිරීමට ඇති ණයවර ලිපි 16 මගින් ආනයනය කිරීමට නියමිත ඉතිරි ගල් අඟුරු තොග (මෙටි‍්‍රක් ටොන් 960,000 ක් පමණ) මගින් ඊළ`ග ගල් අඟුරු වාරය ආරම්භ වන 2022 ඔක්තෝබර් අග දක්වා විදුලි උත්පාදනයට අනිවාර්යයෙන්ම ප‍්‍රමාණවත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment