ජුබ්බිලිය ඡන්ද පළේ බීමතින් අවුලක් සහයකයා රක්‍ෂිත බන්ධනාගාරයට

32

මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිත් ඉවතට

බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු ලග්ගල, පුබ්බිලිය ඡන්දපළ සහයකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාඋල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග නියෝග කළේය. සැකකරු සීගිරිය, රොටවැව පදිංචි බී.ඒස්.ඒ. ප්‍රියන්ත (49) නැමැත්තෙකි.

සැකකරු බීමතින් කලහකාරී ලෙස හැසිරෙන බවට නාඋල පොලිසියට ලැබුණ තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ නාඋල පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප.) ටිරෝන් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහයකයා අත්අඩංගුවට ගෙන නාලන්ද රජයේ රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාව ලබා ගෙන ඇත.

මේ අතර පුබ්බිලිය ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස අනුයුක්ත කළ සීගිරිය, රොටවැව විදුහලක විදුහල්පති වරයාද වහාම එම තනතුරින් ඉවත් කිරීමට මාතලේ තේරීම් භාර නිලධාරිණී දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මියගේ උපදෙස් මත පියවර ගැණිනි.

එහි ඡන්දපළ ස්ථානාධිපතිවරයා ලෙස කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ජානක කුමාර බණ්ඩාර හල්කේවෙල මහතා පත් කර ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යෑමට උපදෙස් දී තිබේ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක


advertistmentadvertistment