ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17දා) ට යෙදී තිබිණි.
ඒ නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් උළෙලක් කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවති අතර, එහිදී ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සමාජික ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා සිය සීයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ උඩුකය පිළිරුවට මල් දමක් පැලැඳ වූ අයුරු.
මෙම අවස්ථාව එක්වූ තිඹිරිගස්යාය අශෝකරාම විහාරාධිකාරි පූජ්‍ය අමුණුමුල්ලේ සීලරතන හිමි, හිටපු කථානායක ලංකාභිමාන්‍ය කරු ජයසූරිය, ප්‍රධාන සමරු දේශනය පැවැත් වූ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් කෙන්ජි ඉනෝයි හා හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුද මෙහි වෙති.
සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ