ඥාතීන් නිසා ලේලියට ඇතිවන රෝගාබාධ

159

තම දුව හෝ පුතා විවාහ කර දුන් පසු ඇතැම් දෙමපියන් නගන චෝදනාවක් වන්නේ අපේ දරුවට විවාහ වෙන්න පෙර ඔය වගේ ලෙඩ රෝග තිබුණේ නැහැ. ඔය පවුලට සම්බන්ධවෙච්ච දවසේ ඉඳලා තමයි මේ අලූත් ලෙඩ රෝග වැළඳී තියෙන්නේ යැයි කියාය. බැලූ බැල්මට මෙහි ඇත්තේ ද්වේශයක් යැයි සිතුවත් සත්‍ය නම් මෙලෙස විවාහයෙන් පසුු ඇතිවන ලෙඩ රෝග පවතී. ඒ සම්බන්ධව සෘෂි නාඩි වෛද්‍ය ක‍්‍රමයේ හඳුන්වා දී ඇති අයුරු විමසා බලමු.

 වෛද්‍යතුමනි, සෘෂි නාඩි වෛද්‍ය ක‍්‍රමයට අනුව විවාහක අඹුසැමියනට ඇතිවන ලෙඩ රෝග හඳුන්වා දී ඇත්තේ කෙසේද?

 ඥාති සම්බන්ධතා භාගා කයිනාද නමස්තේන උප්පත්ති භාගා විවාහකා කයිනාද රෝග පීඩා භාගා ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කරනවා. ඉන් පවසන්නේ යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් යුග දිවියට පිවිසි පසු ඇතිවන ඥාති සම්බන්ධතාවල නොගැලපීම් මත විවිධ මානසික පීඩා, කායික රෝග හටගන්නා බවය.

 මෙහිදී දැඩිව බලපාන්නේ ඥාතීන් විසින් නව සාමාජිකයා පිළිගන්නා ආකාරය අනුවය.

 එනම් යුග දිවියට පිවිසි යුවතිය ඇයගේ සැමියාගේ පවුලේ දෙමාපියන් සහ ඥාතීන් පිළිගන්නා ආකාරය අනුව ඇයගේ සිතේ ඇතිවන සතුට හා අසතුට තීරණය වේ.

 යුග දිවියට පිවිසෙන පුරුෂයාට වඩා යුවතියට මෙහිදී ඇතිවන බලපෑම වැඩි බව හඳුනාගෙන ඇත. පුරුෂයා නිතරම නිවසේ නොසිටින නිසා සහ ඔහු ඥාතීන්ගේ පිළිගැනීම් ගැන එතරම් තැකීමක් නොකරන නිසා ඔහුට ඇතිවන පීඩා අවමය.

 නමුත් බිරිඳක ලෙස සැමියාගේ පවුලට එක්වූ යුවතියට සැමියාගේ පවුලේ සාමාජිකයන් වෙතින් එල්ලවන පීඩා දැඩිව දැනෙන බව මහා සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත.

 තම පවුලට එක්වන යුවතිය සැමියාගේ දෙමාපියන් පිළිගනු ලබන්නේ තම දියණියක් ලෙස නොව පවුලට එක්වූ අලූත් සාමාජිකයෙක් ලෙස නම් එතැන් පටන් ඇතිවන්නේ ගැටුම්ය.

 එම පවුලේ ඥාතීන්වද ඇය පිළිගන්නේ තම පරපුරට එක්වූ දියණිියක් ලෙස නොව නව සාමාජිකයෙක් ලෙස නම් එය වඩාත් දරුණු වේ.

 වෛද්‍යතුමනි මෙහිදී ඇතිවන ලෙඩ රෝග මොනවාද?

 විශේෂයෙන්ම මානසික පීඩාවක් ඇතිවේ. එය ඉතා දරුණු තත්ත්වයට පත්වුවහොත් ඇය සියදිවි හානි කර ගැනීමට පවා පෙළඹේ. එසේම දිගු කාලයක් මෙම මානසික පීඩාවට ලක්වීම නිසා ඇයගේ ස්ත‍්‍රී හෝමෝනවල වෙනස්කම් හටගනී. එවිට ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වේ. ඉන් දරුඵල ලැබීම පමාවීමෙන් හෝ දරුඵල අහිමිවීමට බලපායි.

 එසේම හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා මෙම කාන්තාව අධික ලෙස තරබාරුවීම හෝ කෙට්ටුවීමට පටන් ගනී. ඇයගේ සමේ පැහැය දුර්වර්ණවීමට පටන් ගනී. අකලට කෙස් යෑම හෝ සුදුවීම මතුවේ.

 අපේ දුව විවාහ වෙන්න පෙර ඔහොම හිටියෙ නැහැ. විවාහ වූ පසුව තමයි මේ වගේ හදිසි ලෙඩරෝග ඇතිවූයේ යැයි බොහෝ දෙමාපියන් පවසන්නේ මෙවැනි අවස්ථාවන්හිදීය.

 එබැවින් විවාහයෙන් පසු යුවතිය මෙලෙස හදිසි වෙනස්වීම්වලට ලක්වේ නම් වහාම ඊට හේතු සොයා බලා නිසි ප‍්‍රතිකාර කළ යුතුය.

 එනම් ඥාතීන් අතරින් ඇයට යම් විරෝධයක් මතුවේ නම් සහ ඇය කෙරෙහි සැලකිල්ලක් නැත්නම් සැමියා වහාම එය නිවැරදි කිරීමට පියවර ගත යුතුය.

 ඇතැම් යුවතියන් රහසේම දිවි හානි කර  ගන්නේ සහ තම සැමියා මරා දැමීමට උත්සාහ ගන්නේ මෙවැනි අවස්ථාවනට දිගු කාලයක සිට මුහුණදීම නිසා බව හඳුනාගෙන ඇත. එනිසා ඥාතීන් නිසාද කාන්තාවන් ලෙඩ රෝගවලට ගොදුරු වන බව අප වටහාගත යුතුයි.

ඥාතීන් නිසා ලේලියට  ඇතිවන  රෝගාබාධ

advertistmentadvertistment
advertistmentadvertistment