ග්‍රහලොව බුද්ධිමතා, ප්‍රඥාකාරකයා ලෙසින් හැඳින්වෙන බුධ ග්‍රහයා තමාගේ සම රාශියක් වූ ගුරුට අයත් ධනු රාශියට 2025.01.04 පෙ.ව. 12.05ට ගෝචර වේ. දින 20ක පමණ කාලයක් ගුරුගේ නිවහන තුළ බුධ රැඳී සිටී. මෙය මේ වසරේ සිදු වන ප්‍රථම ග්‍රහමාරුව ලෙස හැඳින්වේ. මෙදින පවතින තත්කාල ලග්නය වනුයේ මීන ලග්නයත් මකර නවාංශකයත් ය.
එහිදී ලග්නගතව රාහු ද තෙවැන්නේ ගුරු ද පස්වැන්නේ නීච වක්‍ර කුජ ද හත් වැන්නේ කේතු ද දස වැන්නේ 22 වන දෙර්කාණාධිපතිට අයත් බුධ සමග රවි ද 12 වැන්නේ සඳු, සිකුරු, ශනි ද ගමන්ගෙන තිබුණි. එදින පවතින නැකත වනුයේ සියාවස නැකතයි. සියාවාස නැකත වනාහි රක්ක වර්ණ, නපුංසක ලිංග, තාරකා 100කින් යුත් නැකතකි.
තත්කාල කේන්ද්‍රයේ බුධ 22 වන දෙර්කාණාධිපතිට අයත් වීම මත බුද්ධිමතුන්ට, ආචාර්ය, මහාචාර්ය, කතුවරුන්ට, පාසල් ශිෂ්‍යන්ට අසුබ බවක් ඇති කරයි. එසේම පාර්ලිමේන්තු කථානායකවරයාට ද යම් යම් පීඩා සහිත බවක් ඇති කරනු ලබයි. තවද කුඩා ව්‍යාපාරිකයන්ට මෙම දින 20ක කාලය යහපත් නොමැත. රෝහල්, බන්ධනාගාර ආශ්‍රිත ගැටලු ඇති වන බවක් ද පෙනෙන්නට තිබේ. ජනතාව අතර හඳුනානොගත් වෛරස් රෝගී තත්ත්වයක් ද ව්‍යාප්ත වන බවක් ද පෙනේ. එමෙන්ම කාන්තාවන්ට, කලාකරුන්ට යහපත් නොමැත. ප්‍රකට කලාකාරියකගේ වියෝවක් ද මෙම කාලය තුළ පෙන්නුම් කරයි. ඒ අනුව බුධ ග්‍රහ ගෝචරය ලග්න 12ට බලපාන ආකාරය බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළදී බුධ භාග්‍ය ස්ථානයේ හෙවත් 9 වැන්නේ ගෝචර වේ. පෙර පින මතු වන කාලයකි. ලේඛනමය කටයුතු වල නිරත වී සිටි අයෙක් නම් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රය තුළ දී බුධ 8 වැන්නේ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව අඩු කෙරේ. ඔබ රැකියාවක නියුතු අයෙක් නම් මානසක පීඩා අධික වේ.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් 7 වැන්න තුළ බුධ ගෝචර වේ. හවුල් ව්‍යාපාර ආදිය සිදු කරන අයෙක් නම් එහි සාර්ථක ප්‍රතිඵල ලැබේ. රැකියාව තුළ අවුල් වියවුල් වරින් වර පැන නැඟේ.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ 6 වැන්න තුළදී ගෝචර වේ. බාල සහෝදරයන් අතර මත ගැටුම් ඇති කරයි. මුදල් අනවශ්‍ය ලෙස වියදම් වන දින කිහිපයකි. සෙම් අමාරු ඇති වේ.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සමග 2 අධිපති සංයෝගව පස්වැන්න තුළ ගෝචරව ගමන් ගෙන තිබුණි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය, මානසික පීඩා මෙන්ම අඹුසැමි ආරවුල් ද ඇති කරයි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ ලග්නාධිපති වෙමින් සිව් වැන්න තුළදී බුධ ගෝචර වේ. තමාගේ ජනප්‍රියත්වය වැඩි දියුණු වන දින කිහිපයකි. උදරගත අසනීප ඔබට ඇති වීමට ඉඩ පවතී.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ තුන් වැනි භාවය තුළ බුධ ගෝචර වේ. ලේඛනමය කටයුතු වල නිරත වී සිටි අයෙක් නම් යහපත් ප්‍රතිඵල ලැබේ. රැකියාවේ ගැටලු ඇති වේ.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ 8 අධිපති වෙමින් 2 වන භාවය තුළ ගෝචර වේ. ධනය අතින් ලැබීම් අතින් යහපත්ය. පපුව ආශ්‍රිත ලෙඩ රෝග ඇති කරයි.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව බුධ ගෝචර වේ. ඔබට ධර්ම කර්මාධිපති යෝගයක් ද පවතින හෙයින් ලැබීම්, තනතුරු, යම් යම් වරප්‍රසාද හිමිවියහැකි දින කිහිපයකි. සිතේ ව්‍යාකූල ගති මතු වීමට පවා ඉඩ ඇත.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ කේන්ද්‍රය තුළදී බුධ 12 වැන්න තුළදී ගෝචර වේ. විදෙස් ගතවීමට භාග්‍ය පවතී.
හදිසි රෝහල් ගතවීමට පවා ඉඩ පවතී. අඹුසැමි ගැටුම් මෙන්ම හවුල් ව්‍යාපාර සම්බන්ධ ගැටලු ද ඇති කරයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළදී බුධ 11 වන භාවයේ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය. ලැබීම් අතින් යහපත් වේ.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බාධක ග්‍රහයකු වන බුධ 10 වැන්න තුළ දී ගෝචර වේ. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් ඒ සම්බන්ධව යම් යම් බාධක ඇති කරයි. රැකියාවක් කරන අයෙක් නම් රැකියාව තුළ ගැටලු, මානසික පීඩා, යම් යම් බාධක තත්ත්වයන් ද පැන නැඟේ.
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658