ටයිටන් සොයන්න ආ අලුත් අමුත්තන් දෙදෙනා

9127

අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සෙවුම් ප්‍රදේශය හදුනාගත් බවත් ඒ අනුව සෙවීම් කටයුතු සදහා රොබෝ කිමිදුම් යාත්‍රා දෙකක් ද යොදා ගත් බවත් ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි. මෙහි ප්‍රධාන අරමුණ ටයිටන් සබ්මැරීනය තුළ විඩාවට පත්ව සිටින පස්දෙනාට අවශ්‍ය ඔක්සිජන් සැපයීමය. ඉකුත් ඉරිදා පෙරවරු 8.00 ට ගමන් ආරම්භ කළ මෙම සබ්මැරීනය පෙරවරු 9.45 ප්‍රධාන පාලන මැදිරිය සමග ඇති සම්බන්ධතාව බිද වැටී ඇත. මෙහි ඔක්සිජන් සැපයුම ඇත්තේ පැය 96ක් සදහා පමණි. ඒ අනුව ඇමෙරිකානු වේලාවෙන් අද පෙරවරු 7.00 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30) ඔක්සිජන් සැපයුම අවසන්වේ. කෙසේ වෙතත් එය තීරණය වන්නේ ටයිටන් හි සිටින පස් දෙනා ඔක්සිජන් භාවිතා කරන ආකාරය අනුව බව සාගර විද්‍යාඥයින් පවසයි. මෙම සබ්මැරීනය ඇති ස්ථානය හදුනාගෙන කඩිනම් ඔක්සිජන් සැපයුම ලබාදී එහි විඩාවට පත්ව සිටින පස්දෙනාගේ ජීවිත රැක ගැනීම මෙම රොබෝ කිමිදුම් යාත්‍රා දෙකෙහි ප්‍රධාන අරමුණ වී ඇත.


advertistmentadvertistment