වත්මන් ඇමෙරිකානු උප ජනාධිපතිනිය මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වන කමලා හැරිස් බොක්සිං ශූර මයික් ටයිසන් සමග බොක්සිං වළල්ලේ තරග වදින්නේනම් එය ඉතාමත් රසවත් අවස්ථාවක් වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සටන් බිම් ප්‍රාන්තයක් වන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පෙරේදා (04දා) පැවැති සිය අවසන් මැතිවරණ රැලිය අමතමින් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එම රැලියේදී ට්‍රම්ප් විසින් කලක් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයාව සිටි මයික් ටයිසන්ව ප්‍රශංසාවට; ලක් කර ඇති අතර ඔහුව යකඩ මයික් ලෙස හඳුන්වා දී තිබේ. එහිදී මැතිවරණ රැලියට සහභාගී වූ අයෙකු ටයිසන් හා කමලා හැරිස් අතර තරගයක් පැවැත් වියයුතු බවට යෝජනා කළවිට දී එම යෝජනාව අනුමත කර ඇති ට්‍රම්ප් එවැනි තරගයක් පැවැත්වෙන්නේනම් එය ඉතාමත් රසවත් වනු ඇතැයි අවධාරණය කර තිබේ.
හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඔහු ලැබීමට නියමිත කාන්තාවන්ගේ ඡන්ද අවදානමකට ලක් කරමින් බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.