මූල්‍ය අපරාධ චෝදනා 30ක් මත හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය. මෙය දේශපාලන පළිගැනීමක් බව ට්‍රම්ප්ගේ නීතිවේදීහු පවසති. ඇමෙරිකාවේ මෑන්හැටන් අධිකරණය ට්‍රම්ප්ට එරෙහි එම මූල්‍ය අපරාධ චෝදනා එල්ල කර තිබේ. මෙම චෝදනා හෙළිවී නැතත් ඇමෙරිකාවේ සීඑන්එන් රූපවාහිනියට ඊට අදාළ තොරතුරු ලැබී තිබේ. සීඑන්එන් යනු ට්‍රම්ප් විරෝධී විද්යුත් නාලිකාවකි. මින් ප්‍රධාන චෝදනාවක් වූයේ අයතා චිත්‍රපටවල ද රඟපාන නිළියක් වූ ස්ටෝම් ඩැනියල්ට ට්‍රම්ප්ගේ අයතා සබඳතා වසන්කරලීම සඳහා ඩොලර් 130,000ක මුදලක් ගෙවීමයි. නිරූපිකාවක් වූ කැරන් මැක්ඩෝඩල්ට ද ඊට සම්බන්ධවීම ගැන චෝදනා එල්ල වී ඇත.
අපරාධ චෝදනා එල්ලවූ මුල්ම ඇමෙරිකානු ජනපතිවරයා ට්‍රම්ප්ය. මෙයට පෙර ඇමෙරිකාවේ 18 වැනි ජනපති වූ යුලිසිස් ග්‍රාන්ට් තම අශ්වයා වේගයෙන් ධාවනය කිරීම ගැන අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩොලර් 20ක දඩයක් නියමවිය.
එසේම හිටපු ඇමෙරිකානු ජනපති රිචඩ් නික්සන්ට ද වෝටර්ගේට් සිද්ධිය ගැන චෝදනා එල්ල වුවත් අධිකරණය විසින් ඔහුට චෝදනා විවර කළේ නැත. එහෙත් මෙවර මෑන්හැටන් අධිකරණය පුටින්ට චෝදනා එල්ල කළේය.
ජූරි සභාව එම චෝදනා තහවුරු කරනු ලැබීය.
ට්‍රම්ප් මූල්‍ය චෝදනා 30කට වගකිවයුතු බව මුලින්ම පැවසුවේ සීඑන්එන් රූපවාහිනි සේවාවයි.
චෝදනා එල්ලවීමෙන් පසු මෑන්හැටන් නඩු අධ්‍යක්‍ෂවරයා පළ කළේ ට්‍රම්ප් පොලිසියට යටත්විය යුතු බවයි. එහෙත් ට්‍රම්ප්ගේ ආරක්‍ෂක බලධාරීන් පළ කළේ ට්‍රම්ප්ගේ ආරක්‍ෂක වැඩපිළිවෙළ වෙනස් කළ යුතු නිසා ලබන සතියේදී ට්‍රම්ප් බලධාරීන් හමුවේ යටත්වන බවයි. මෙයට පෙර කැපිටල් හිල් ගොඩනැගිල්ලට සිය ආධාරකරුවන් යවා කඩාවැදීම ගැන ට්‍රම්ප්ට එරෙහිව විමර්ශනයක් සිදුවිය. එහෙත් එම සිද්ධිය යටපත් විය. ට්‍රම්ප් අත්අඩංගුවට ගත යුතු යැයි මෑන්හැටන් අධිකරණය නියෝග කරන අවස්ථාවේ ඔහු ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදී සිටියේය.
මේ අතර ට්‍රම්ප්ව අත්අඩංගුවට ගැනීම ඇමෙරිකානු ඉහළ අධිකරණ බලධාරීන් වළක්වයිද? ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටින්නේ සුයන් සහ ජෝශප් නමැති මූල්‍ය අපරාධ ගැන හොඳින් දන්නා නීතිවේදීන් දෙදෙනෙකි. එම නීතිවේදීන් දෙදෙනා පවසන්නේ ට්‍රම්ප් මූල්‍ය අපරාධ සිදුකර නැති බවයි. 76 හැවිරිදි වියේ පසුවන ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයට තරග කරන බව පවසා තිබිණි. එහෙත් මූල්‍ය අපරාධ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවහොත් ජනපති ධුර අපේක්‍ෂකයා වීමට නොහැකි වේ. මේ පසුබිම මත තමා නිව්යෝර්ක් නුවරට යන බව ට්‍රම්ප් පවසා ඇත. නිව්යෝර්ක් බලධාරීන් පැවසුවේ ඔහුව නිව්යෝර්ක් සිට මෑන්හැටන් වෙත එවන බවයි.
එසේම මෑන්හැටන් නිසි අධිකරණ බලධාරියා ඇල්බින් බැග්ස්ද ට්‍රම්ප් විරෝධියෙකි. ඔහු ට්‍රම්ප්ට මාංචු දමයිද? ට්‍රම්ප් අත්අඩංගුවට ගනු ලැබුවත් ඔහුට නව ඇප නීති රීති යටතේ ඇප ලැබේ.
මේ පසුබිම මැද ට්‍රම්ප්ට මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ එකී මූල්‍ය චෝදනා මත තවත් එක් සාක්කිකරුවකුගේ සාක්ෂිය විනාශ කිරීමට නියමිතව තිබියදීය. මේ අතර ට්‍රම්ප් පදිංචිව සිටින ෆ්ලොරිඩාහි සිට මෑන්හැටන් වෙත පැමිණ බලධාරීන් හමුවේ පෙනී සිටීම සඳහා ඔහුගේ නීතිවේදීන් සහ රජයේ නඩු අධ්‍යක්‍ෂකවරුන් අතර දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇත.
ඇමෙරිකානු නව නීතිරීති අනුව මූල්‍ය අපරාධ චෝදනා සඳහා ඔහුව සිරගත කළ නොහැකිය. එහෙත් මෑන්හැටන් බලධාරීන් ට්‍රම්ප්ට එල්ල කර ඇත්තේ අපරාධ චෝදනා වේ. මේ ගැන ඔහුගේ නීතිවේදීහු විවිධ තර්ක ගොනුකර තිබේ. මේ තත්ත්වය මත ට්‍රම්ප් පිළිබඳ නිසි තීරණය ගන්නේ එරට ප්‍රධාන ජූරි සභාවයි. හිටපු ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහි චෝදනා 30 මෙතෙක් එළිදක්වා නැත. එහෙත් ඇමෙරිකානු සීඑන්එන් රූපවාහිනි සේවාවට එම චෝදනා ලැබී ඇත්තේ අධිකරණයේ සිටින ට්‍රම්ප් විරෝධීන්ගෙන් බව වාර්තාවේ. 45 වැනි ඇමෙරිකානු ජනපති ලෙස කටයුතු කළ ට්‍රම්ප් තමාට එරෙහි චෝදනා ගැන පැවසුවේ දේශපාලන ක්‍රියාදාමයක් මත තමාට චෝදනා එල්ල වී ඇති බවයි.
කීර්ති වර්ණකුලසූරිය