ඇමරිකානු බදුවලට එරෙහිව අවසානය දක්වාම චීනය සටන් කරන බවත් වෙළෙඳ යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති බවත් චීන රජය අවධාරණය කර සිටියි.
ඇමරිකාව පැනවූ නව බදු සම්බන්ධයෙන් චීන රජය නිකුත් කළ නිවේදනයක මේ කරුණු අවධාරණය කර තිබේ.
පීඩනය යෙදීම සහ තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේදී නිවැරදි මාර්ගය නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
චීනයට එරෙහි සියලු ඒකපාර්ශ්වික තීරුබදු පියවර අවලංගු කරන ලෙසත් චීනයේ ආර්ථිකය සහ වෙළෙඳාම මර්දනය කිරීම නවත්වන ලෙසත් අන්‍යොන්‍ය ගෞරවය මත පදනම්ව සමාන සංවාදයක් හරහා චීනය සමග ඇති වෙනස්කම් නිසි ලෙස විසඳා ගතයුතු යැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන රජයේ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
චතුර පමුණුව