ට්‍රම්ප් ඇතුළු 19කට මැතිවරණ වංචා ගැන අධිචෝදනා

117

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා ඔහුගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් 18දෙනෙකුට එරෙහිව හිටපු ජනාධිපතිවරයාට ජෝර්ජියා ප්‍රාන්තයේ අත් වූ මැතිවරණ පරාජය ආපස්සට හැරවීමට තැත් දැරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබේ. මෙම චෝදනාව අවසන් වරට පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් සිදු කළ බවට ඉදිරිපත්ව ඇති සිවුවැනි සාපරාධී චෝදනාව වේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානතම අපේක්ෂකයා බවට පත්ව ඇත්තේ ට්‍රම්ප් වන අතර ඔහු අවසන් වරට පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී සිදු කර ඇති බවට එල්ල වී ඇති මැතිවරණ වංචාවන් සම්බන්ධ චෝදනා 13ටම තමා වරදකරු නොවන බව මේ වන විටත් නිවේදනය කර තිබේ. තමාට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා දේශපාලනමය බලපෑම් මත එල්ල වී ඇති චෝදනා බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. පෙරේදා (14දා) දිනයේ වීමර්ශකයන් විසින් හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ 19 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ මැතිවරණ වංචා සම්බන්ධ පිටු 98කින් යුත් අධිචෝදනා පත්‍රයේ චුදිතයන්ට එරෙහිව චෝදනා 41ක් ගොනු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment