එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ලෙස පත් රිපබ්ලිකන් පක්ෂයේ නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අ අත්සන් තබා තිබේ.අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය.මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇත.එක්සත් ජනපතය ලොක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර එහි සමස්ත අරමුදල්වලින් 18%ක් එක්සත් ජනපදය විසින් දරනු ඇත.
|