අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි අධි චෝදනා ගොනුකර තිබේ.ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ලබන අඟහරුවාදා මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දී තිබේ.පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහුට එරෙහිව අධිචෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කළ අතර අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් ආරම්භ කළ පළමු අවස්ථාව එය බවට වාර්තා වුණි.
|