ටැංකි රථ වර්ජනයෙන් තෙල් බෙදීම අකී‍්‍රයයි

81

තෙල් ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙන වර්ජනය මේ වනවිට ක්‍රියත්මකව පවති.
ප්‍රවාහන ගාස්තු බහළ නැංවීමක් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය මෙලෙස වර්ජනයේ නිරතව සිටී.

ක්‍රියාත්මක වර්ජනයට අනුව ඔවුන්ගේ සංගමයේ කිසිදු ටැංකි රථයක් මේ වන විට මුතුරාජවෙල පර්යන්තයට හෝ කොලොන්නාව පර්යන්තයට ඇතුල් කර නොමැති අතර කොළඹින් බැහැර ඩිපෝවල තත්ත්වයද එසේම බවඑම රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්.අධිකාරී මහතා කියයි.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් තුළද ඉන්ධන නොමැති තත්ත්වයකට පත්ව තිබෙන අතර මෙයට ඉන්දියන් පිරවුම්හල් වෙත ඉන්ධන සපයන පෞද්ගලික ටැංකි රථද මෙම වර්ජනයට සහය පළකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment