ටැක්සි දුවන ඔක්සිජන් බෑන්ඞ් ලීඩර්

314

බිම හොවාලා පාලූ කන්ද
හිත පුරාම රූප ඇන්ද තී…
ඔයා කලූ වුණාට කාරි මන්ද
මට මනාප නේද සුන්දරී….


ප‍්‍රසංග වේදිකාවේ ඉතාම ජනපි‍්‍රය මේ ගීතයේ අයිතිකාරයා තමයි තුෂාර සුබසිංහ. ඕල්රයිට් සංගීත කණ්ඩායම හරහා රටේම ආදරය දිනාගත් ඔහු අද වනවිට ‘ඔක්සිජන්’ සංගීත කණ්ඩායමේ නායකයා. ප‍්‍රසංග වේදිකාවේ කතාකරයා හෙවත් තුෂාර සුබසිංහගේ කතාව නම් හරිම දුක්බරයි. කොවිඞ්වලින් පස්සේ ඊටත් වඩා දුක්මුසු වුණු මේ එ් කතාවයි….

* පසුගිය කාලයේ තුෂාරව අපි මහ පාරේ දැක්කා?

මෙහෙමයි. අපි ජීවත්වුණේ ටාගට් තියාගෙන. මට කියලා ගෙයක් ෙදාරක් තිබුණේ නැහැ. ඉතින් මම සීදුවේ ගෙයක් හැදුවා. ඊට පස්සේ මට ආසාවක් ආව ඊට වඩා ලොකු ගෙයක් හදන්න. 2019 මුල් ගල තියලා වැඬේ පටන් ගත්තට පස්සේ පාස්කු ප‍්‍රහාරය ආවා. ප‍්‍රසංග නතර වුණා. ඊට පස්සේ කොරෝනා ආවා. ගෙදරට ඔක්කොම සල්ලි වියදම් කරල නිසා අතේ සල්ලි නැති වුණා. මම කාගෙන්වත් ඉල්ලලා මගේ දරුවන්ට කන්න දෙන්නෙ නැහැ. මම පාරට බැස්සා. එළවළු විකිණුවා. බිත්තර, පොල් විකිණුවා එක එක දේවල් කළා. මගේ තී‍්‍රවිල් එකක් තියෙනවා. මම එ්ක ටැක්සි දිව්වා. මගේ කාර් එකේ පික්මී දිව්වා.

* එ් කියන්න තුෂාර දැන් වැටිලද?

නැහැ මම වැටිලා නෙමෙයි. මම මගේ දේවල් යම් කිසි දෙයකට යොදවලා තමයි මේ වගේ දෙයක් වුණේ. නැතිව කැසිනෝ ගහල, පිස්සු නටලා, අපරාධ කරලා නෙමෙයි. මගේ සල්ලිවලට මම සාධාරණයක් කරලා තියෙනවා. මේ කාලයේ කෝටිපතියොත් මහපාරේ එළවළු විකුණනවා. මේක එහෙම කාලයක්.

* තුෂාර කියන්නේ ගොඩක් දුක් විඳපු චරිතයක්. අපි හරි නේද?

ඔව්. මම ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. සිංදු කියන්න ලොකු ආසාවක් තිබුණා පොඩි කාලයේ ඉඳලම. මගේ පළමුවැනි බෑන්ඞ් එක සියොත්. දෙවැනි බෑන්ඞ් එක බොරැුල්ල ශී‍්‍ර. ඊට පස්සේ සුරබා. ඊළග බෑන්ඞ් එක මහින්ද සිල්වා විත් සුපර් ස්ටාර්. ඊට පස්සේ තී‍්‍ර පීස් ගහලා කට්ට කාල තමයි ඕල්රයිට් ආවේ. මම හැම රැුකියාවක්ම වගේ කරලා තියෙනවා. පිටකොටුවේ ඇපල් තට්ටවුක වැඩකළා, තැඹිලි විකිණුවා. මාලූ කැපුවා. සී.ටී.බී බස් ස්ටෑන්ඞ් එකේ වැඩ කළා. තේ කොළ පෙට්ටි ඉස්සුවා. සිමෙන්ති වැඩ, කොන්කී‍්‍රට් වැඩ කරලා තියෙනවා. ඔය වගේ ජීවත් වෙන්න නොකරපු රස්සාවක් නැහැ. මම රුපියලෙන් ජීවිතය පටන් ගත්ත කෙනෙක්.

* ඔබ මේව කියන්නේ කාගෙන්වත් අනුකම්පාවක් ගන්නද?

අනේ නැහැ. මට මේව කියලා කාගෙන්වත් ලකුණු දා ගන්නවත් කාගෙවත් දත් ගලවන්නවත් ඕනේ නැහැ. මම කාගෙන්වත් කිසි දෙයක් ඉල්ලා නැහැ. මගේ වීරියෙන් දෙයක් මම හම්බකරනවා. එ් මගේ දරුවන් වෙනුවෙන්. කන්න නැතත් සෝබනෙන් ඉන්න කලාකාරයෝ ඉන්නවා. මට එහෙම ඉන්න ඕනෙ නැහැ.

කසුන් රණවීර


advertistmentadvertistment