ඒ කාලේ පිටකොටුවේ ඇපල් වික්කා ප්‍රජාශාලාවේ නිදාගත්තා
මාලූත් කැපුවා
බිම හොවාලා පාලූ කන්ද
හිත පුරාම රූප ඇන්ද තී…
ඔයා කලූ වුණාට කාරි මන්ද
මට මනාප නේද සුන්දරී….
ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනපි‍්‍රය මේ ගීතයේ අයිතිකාරයා තමයි තුෂාර සුබසිංහ. ඕල්රයිට් සංගීත කණ්ඩායම හරහා රටේම ආදරය දිනාගත් ඔහු අද වනවිට ‘ඔක්සිජන්. සංගීත කණ්ඩායමේ නායකයා. ප්‍රසංග වේදිකාවේ කතාකරයා හෙවත් තුෂාර සුබසිංහගේ කතාව නම් හරිම දුක්බරයි. කොවිඞ්වලින් පස්සේ ඊටත් වඩා දුක්මුසු වුණු මේ එ් කතාවයි….
මේ දවස්වල මොනවද කරන්නේ?
ඇත්තටම මේ දවස්වල සංගීතය පැත්තෙන් නම් මොකුත්ම කරන්නේ නැහැ.
ගෙදර ඉන්න ගමන් අලූත් මියුසික් වීඩියෝ එකක්වත් කළොත් නරකද?
මං හිතන්නේ නෑ මේ කාලයේ එහෙම දෙයක් කරලත් වැඩක් තියෙයි කියලා. මිනිස්සු මේ වෙලාවේ සිංදු බලන මානසිකත්වයක ඉන්නවද කියල මම දන්නෙ නැහැ. අනික් කාරනය ටේරන්ඞ් එකේ සිංදු වැඩියී. දවස ගානේ අලූත් සිංදු එනවා.
ඔක්සිජන් බෑන්ඞ් එකේ තත්වය කොහොමද?
බෑන්ඞ් එකේ කිසි වෙනසක් නැහැ. සියලූම සාමාජිකයින් ඉන්නවා. ඔවුන් දැනට තම තමන්ගේ
ව්‍යාපාර කරනවා.
මේ දිනවල අපි ඔබව ඇය ටෙලිනාට්‍යයෙන් දකිනවා.?
අපේ අම්මෝ සිංදු කියන එක ලේසියි රඟපානවට වඩා. ර`ගපානවා කියන එක හරි අමාරු වැඩක්. ඇය ටෙලිනාට්‍යයේ දෙවැනි නිෂ්පාදක ලක්රුවන්ගෙන් මට ලැබුණු අවස්ථාවකට තමයි මම ඊට එක්වුණේ. එහෙත් රඟපෑම ගැන මම දන්නේ නැහැ.
තුෂාර වැඩිපුරම ජනපි‍්‍රය වුණේ ‘කලූ කෙල්ල. ගීතය හරහා?
ඔව්. කලූ කෙල්ල ගීතය ජනපි‍්‍රය වුණේ ඕල්රයිට් සංගීත කණ්ඩායමෙන්. ඊට පස්සේ මගේ සංගීත කණ්ඩායම හරහා ‘අවංක හින්දා ආයෙ වැරදුණා. ගීතය හොඳටම ජනපි‍්‍රය වුණා. ඊට පස්සෙ වැරදිච්ච ජීවිතේ” බිඳුණු අතීතය” වගේ ගීතත් ප්‍රසංග වේදිකාවේ ජනපි‍්‍රය වුණා. කලූ කෙල්ල ගීතය තමයි මගේ ජීවිතය හැදුවේ.
තුෂාර වැඩියම දක්ෂ වේදිකාවේ සිංදු කියන්නද කතා කරන්නද?
අනේ ඇත්තටම මම මහ ලොකු ගායකයෙක් නෙමෙයි. මට යම් කිසි ප්‍රමාණයක සිංදු කියන්න හැකියාවක් තියෙනවා. ඒ නැතුව ලොකුවට ඉගෙන ගෙන නැහැ. හැබැයි මට හොඳට කතා කරන්න පුළුවන්. ප්‍රසංග වේදිකාවේ කතා කිරීම හරහා තමයි මම වෙනසක් කරලා පෙන්නුවේ.
ඔබ ගොඩක් ජනපි‍්‍රය චරිත කොපි කළා කිවේවොත්?
නැහැ මම කාවවත් කොපි කරලා නැහැ. හැබැයි එකක් තියෙනවා. මම වෙන්න පුලූවන් මට විතරයි. අපි අපේ අනන්‍යතාවක් හදා ගන්න ඕනේ. නමුත් සංගීත් විජේසූරිය” නෙල්සන් වාස්” චමින්ද රණසිංහ” සීදුව සකුරා චන්දන” මේරියන්ස් නලින් අයියා” රුවන් බණ්ඩාර” ෆ්ලෑස්බෑක් රොෂාන් වගේ අය දිහා බලල තමයි මමත් හැදුණේ. හැබැයි මම මගේ දෙයක් හදා ගත්තා.
පසුගිය කාලයේ තුෂාරව අපි මහ පාරේ දැක්කා?
මෙහෙමයි. අපි ජීවත්වුණේ ටාගට් තියාගෙන. මට කියලා ගෙයක් ෙදාරක් තිබුණේ නැහැ. ඉතින් මම සීදුවේ ගෙයක් හැදුවා. ඊට පස්සේ මට ආසාවක් ආව ඊට වඩා ලොකු ගෙයක් හදන්න. 2019 මුල් ගල තියලා වැඬේ පටන් ගත්තට පස්සේ පාස්කු ප්‍රහාරය ආවා. ප්‍රසංග නතර වුණා. ඊට පස්සේ කොරෝනා ආවා. ගෙදරට ඔක්කොම සල්ලි වියදම් කරල නිසා අතේ සල්ලි නැති වුණා. මම කාගෙන්වත් ඉල්ලලා මගේ දරුවන්ට කන්න දෙන්නෙ නැහැ. මම පාරට බැස්සා. එළවළු විකිණුවා. බිත්තර” පොල් විකිණුවා එක එක දේවල් කළා. මගේ තී‍්‍රවිල් එකක් තියෙනවා. මම එ්ක ටැක්සි දිව්වා. මගේ කාර් එකේ පික්මී දිව්වා.
එ් කියන්න තුෂාර දැන් වැටිලද?
නැහැ මම වැටිලා නෙමෙයි. මම මගේ දේවල් යම් කිසි දෙයකට යොදවලා තමයි මේ වගේ දෙයක් වුණේ. නැතිව කැසිනෝ ගහල” පිස්සු නටලා” අපරාධ කරලා නෙමෙයි. මගේ සල්ලිවලට මම සාධාරණයක් කරලා තියෙනවා. මේ කාලයේ කෝටිපතියොත් මහපාරේ එළවළු විකුණනවා. මේක එහෙම කාලයක්.
තුෂාර කියන්නේ ගොඩක් දුක් විඳපු චරිතයක්. අපි හරි නේද?
ඔව්. මම ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. සිංදු කියන්න ලොකු ආසාවක් තිබුණා පොඩි කාලයේ ඉඳලම. මගේ පළමුවැනි බෑන්ඞ් එක සියොත්. දෙවැනි බෑන්ඞ් එක බොරැුල්ල ශී‍්‍ර. ඊට පස්සේ සුරබා. ඊළග බෑන්ඞ් එක මහින්ද සිල්වා විත් සුපර් ස්ටාර්. ඊට පස්සේ තී‍්‍ර පීස් ගහලා කට්ට කාල තමයි ඕල්රයිට් ආවේ. මම හැම රැුකියාවක්ම වගේ කරලා තියෙනවා. පිටකොටුවේ ඇපල් තට්ටවුක වැඩකළා” තැඹිලි විකිණුවා. මාලූ කැපුවා. සී.ටී.බී බස් ස්ටෑන්ඞ් එකේ වැඩ කළා. තේ කොළ පෙට්ටි ඉස්සුවා. සිමෙන්ති වැඩ” කොන්කී‍්‍රට් වැඩ කරලා තියෙනවා. ඔය වගේ ජීවත් වෙන්න නොකරපු රස්සාවක් නැහැ. මම රුපියලෙන් ජීවිතය පටන් ගත්ත කෙනෙක්.
ඔබ මේව කියන්නේ
කාගෙන්වත් අනුකම්පාවක් ගන්නද?
අනේ නැහැ. මට මේව කියලා කාගෙන්වත් ලකුණු දා ගන්නවත් කාගෙවත් දත් ගලවන්නවත් ඕනේ නැහැ. මම කාගෙන්වත් කිසි දෙයක් ඉල්ලා නැහැ. මගේ වීරියෙන් දෙයක් මම හම්බකරනවා. එ් මගේ දරුවන් වෙනුවෙන්. කන්න නැතත් සෝබනෙන් ඉන්න කලාකාරයෝ ඉන්නවා. මට එහෙම ඉන්න ඕනෙ නැහැ.
එහෙම ආපු ඔබ අද ඉන්න තත්ත්වය ගැන මොකද හිතන්නේ?
මම හැමදාම කියනවා වගේ ලක්ෂ ගණන් අතගෑවත් මට මගේ රුපියල මතකයි. අද මම හොඳ තැනක ඉන්නවා. ප්‍රජා ශාලවේ ? නිදා ගත්ත මට අද ගෙවල් දෙකක් තියෙනවා. තවත් ගෙදරක් හදමින් ඉන්නවා. මට මෙතනට එන්න තැනක් හැදුව නම් එ් ෆ්ලෑෂ්බැක් ආයතනය. ඩොනල්ඞ් ප්‍රනාන්දු මහතාට මගේ තාත්තට වඩා ආදරෙයි. එ් වගේම මගේ ඕල්රයිට් පැරණි යහලූවන්ට සහ මගේ ඔක්සිජන් ශිල්පින්ට මම පණවගේ ආදරෙයි. මම මෙතන ඉන්නේ ඔවුන් නිසා.
කසුන් රණවීර
|