ටික් ටොක් කිරි සමන්

1677

රාජගිරියේ කලපළුවාවේ පදිංචිව සිට දැනට රිමාන්ඞ් කර සිටින ඕෂධ නිලාන් නමැති 22 හැවිරිදි ස්ත‍්‍රී දූෂක දුර්ජනයකු ගැනත් බාල වයස්කාර දැරියන් දූෂණය පිණිස ලබා ගැනීම සඳහා ටික් ටොක් නමැති සමාජ ජාලය ඔහු විසින් ආයුධයක් ලෙස පරිහරණය කෙරුණු ආකාරය ගැනත් කතා කිරීමට අද අපට අවස්ථාව ලැබී තිබේ. ටික් ටොක් ඇබ්බැහියකු වන කිරි සමන් ළාබාල තරුණියකට ලිංගික හිරිහැර කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් මීට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය විය. එහෙත් මේ රටේ නීති තිබෙන්නේ පොල් ගෙඩි දෙකක් හොරෙන් කැඩූ මිනිසකු එල්ලා මැරීම පිණිස පමණක් වන නිසා කිරි සමන් ලිංගික අපහරණයේ යෙදෙන පෙර කී වීඩියෝව පොලිසියේ අවධානයට ලක්වී නැත. කිරි සමන් නමැති මේ 22 හැවිරිදි තරුණයා කථනාබාධිත යුවළකගේ 11 හැවිරිදි දියණිය තනිවත් සාමූහිකවත් දිගින් දිගටම දූෂණය කළ බවට සාක්ෂි තිබේ. මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් වන්නේ මෙසේය. ටික් ටොක් වලට ඇබ්බැහි වී සිටි සිය 11 හැවිරිදි දියණිය රාත‍්‍රී සාදවලට යන බව කියා ගෙදරින් නික්ම යන බවත් පසුදින ගෙදර එන බවත් තරුණ පිරිසක් විසින් ඇය කැඳවාගෙන යන බවත් ඇගේ කථනාබාධිත මාපියන්ට වැටහින. මේ අනුව ඔවුහු පොලිසියට පැමිණිලි කළහ. ටික් ටොක් කිරි සමන් විසින් තමන් දූෂණය කරන ලද බව දැරිය ඒ අවස්ථාවේදී පොලිසියට කීවාය. මනුෂ්‍යයා නමැති ජීවියා ස්වරූප තුනකින් සහ උප ස්වරූප රැුසකින් මෙලොවට බිහිවෙයි. එකී ප‍්‍රධාන ස්වරූප තුන වන්නේ පිරිමි ගැහැනු සහ නපුංසක ය. නපුංසක යන වචනය වෙනුවට සමරිසි යන වඩාත් විද්‍යාත්මක යෙදුම දැනට පරිහරණය කරනු ලැබේ. සමරිසි ප‍්‍රජාවද තවත් ජීව විද්‍යාත්මක කොටස් පහකට බෙදෙයි. ඒ ගැන මෙහිදී වැඩිදුරටත් සාකච්ඡුා නොකරමු. ඉහත සඳහන් බිහිවීම් සියල්ලම ස්වභාව ධර්මයේ අවශ්‍යතාවන්ය. එහෙත් කිරි සමන්ගේ ටික්ටොක් ඉදිරිපත් කිරීම්වල ස්වරූපය ගෙන බැලූවොත් ඔහු පෙර කී කිසිදු ජීව විද්‍යාත්මක ලිංගික කණ්ඩායමකට අයත් නොවන ගැඩවිලකු බඳු වෙනස් ප‍්‍රාණියකු බව පැහැදිලිය. ඔහු උපතින් පිරිමියකු බව පෙනේ. එහෙත් ඔහුගේ ස්වරූපය නපුංසකය. ඔහුගේ හැසිරීම කාන්තාවකගේ ස්වරූපය ගන්නා බව ඔහු නිකුත් කරන ටික් ටොක් දෙස බලන විට පෙනේ. මේ සියල්ලම ජීව විද්‍යාත්මක තත්ත්වයන් ලෙස සැලකිය හැකි නමුදු ඔහු තුළ සිටින ස්ත‍්‍රී දූෂකයා ගැන ඒ ආකාරයෙන් සුළුවට තක්සේරු කළ නොහැකිය. ස්ත‍්‍රී දූෂකයන්ට මරණ දඬුවම දිය යුතු බව මේ තීරුව මගින් කලක සිටම ඉල්ලා සිටිනු ලැබේ. ඇතැම් ගෝත‍්‍රික ජන සමාජ තුළ පවා ස්ත‍්‍රී දූෂකයන් මරා දමනු ලැබේ. මිනී මැරුමකට එල්ලූම් ගස් නොයැව්වත් ස්ත‍්‍රී දූෂණයට එල්ලූම් ගස අනිවාර්ය කළ යුතුය. කිරි සමන් වැනි සමාජ  විෂබීජ තුරන් කළ හැක්කේ ඒ ආකාරයෙනි.

 ශ‍්‍රී ලංකාව ඉතා වේගයෙන් තාක්ෂණික දියුණුවට ගොදුරු වූ රටකි. 1978 දී අපට වර්ණ රූපවාහිනිය ලැබෙන විට ලෝකයේ විශාලතම රටක් වූ ඉන්දියාවේ තිබුණේද කළු සුදු රූපවාහිනියයි. අපේ රටේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකි. එමෙන් දෙගුණයකටත් වඩා ජංගම දුරකථන රට තුළ ඇත. මෙරට සමාජ ජාල පරිහරණය වඩාත්ම ඉහළ ගියේ කොරෝනාව පැවති සමයේය. මේ කාලය තුළ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ළමයින් අතට ගිය ස්මාර්ට් ෆෝන් තුළින් විෂය බද්ද කරුණු වෙනුවට එලියට එන්නේ ටික් ටොක්, ෆේස්බුක් සහ  යූ ටියුබ්ය. කිසිදු පාලනයක් නැතුව තිරිසන් සතුන් මහා පාරේ දෙනෝදාහක් මැද වර්ගයා බෝ කරන්නාක් මෙන් මෙකී සමාජ ජාල යොදාගෙන ඕනෑම කුපාඩි වැඩක් කළ හැකිය. මිනිසුන්ට මඩ ගැසීම, චරිත ඝාතනය, නව ලිංගික ක‍්‍රම හඳුන්වාදීම, විකෘති ලිංගික තත්ත්වයන් ප‍්‍රවර්ධනය කිරීම, ආණ්ඩු පත්කිරීම, ආණ්ඩු පෙරළීම ඇතුළු බොහෝ දේවල් කිසිදු වගකීමක් නැති මෙකී කුණු සමාජ මාධ්‍යවලට සිදුකළ හැකිය. මේ සමාජ මාධ්‍ය කුඩු පට්ටම් නොකොළොත් ලෝකයේ සමස්ත ප‍්‍රජාවම ටික් ටොක් කිරි සමන් ලා බවට පත්වීමට ඉඩ තිබේ. මේ වනවිට රටවල් ගණනාවක්ම ටික් ටොක්, ෆේස්බුක් සහ යූ ටියුබ් තහනම් කර ඇත. ටික් ටොක් බිහිවන්නේ චීනයේය. එහෙත් ඒ රටේ කලාප වැඩි හරියක අද ටික් ටොක් තහනම්ය. ඉන්දියාව මේ වන විට ටික් ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල 58 ක් තහනම් කර තිබේ. ඉන්දියාවේ සංස්කෘතිය ඉතාම ගතානුගතිකය. එමෙන්ම දැඩිය. එහෙත් එක තැනකින් එම සංස්කෘතිය හිල් වුණොත් එතැනින් ගලන්නට පටන් ගන්නා ලිංගික සාහසිකත්වය මගින් තම රට විනාශයට පත්කරන බව ඉන්දියානු පාලකයෝ දනිති. මේ නිසා ඔවුහු සංස්කෘතිය රකින මුවාවෙන් සමාජය රැුකීමට හැමදෙයක්ම කරති. 2020 අගෝස්තු 6 දා ඇමරිකාව ටික් ටොක් තහනම් කළේය. දවස් 45 ට පසු ඒ තහනම ඉවත් කරන ලදී. ඉන්දුනීසියාව සහ බංගලාදේශයත්, පාකිස්තානයත් මේ සමාජ විෂ බීජය මුළුමනින්ම තහනම් කර තිබේ. තත්පර 15 සිට විනාඩි 3 දක්වා දිවෙන ටික් ටොක් වැඩසටහන් මගින් ක්ෂණිකව ලිංගික සංසර්ගයක් වුව ප‍්‍රදර්ශනය කර අවසන් කළ හැකිය. හොර පොල් ගෙඩි දෙකට ඇති නීතිය ටික් ටොක් සඳහා නොතිබීම ලංකාවේ රට වැසියන් වශයෙන් අපට විඳින්නට සිදුවී ඇති මහත්ම අවාසනාවකි. මුදලට කාන්තාවන් විකුණන වෙබ් සයිට් එකක් ගැන මෙයට කලකට පෙර ශ‍්‍රී ලංකාවේ පොලිසියට  දැනගන්නට ලැබිණ. එය වහා තහනම් කරන ලදී. එහෙත් හරියටම මාසයකට පසු තවත් එවැනි වෙබ් සයිට් හයක් මෙරට අන්තර්ජාලය පුරා මතුවන්නට විය. එමගින් ළාබාල තරුණියන්ද කිරි දෙන මව්වරුන්ද සමරිසි පුද්ගලයන්ද, විවිධ මිලට වෙන්දේසි කරනු ලැබේ. මුදලට ගැහැනුන් සපයන පිංපියන් ලෙස දන්නා අය මේ ජාවාරම හරහා කෝටි ගණන් උපයති. ආණ්ඩුව මේ තත්ත්වයට තවදුරටත් ඉඩ දෙනවාද? අප මුහුණ දෙන මීළඟ වසංගතය කොවිඞ් නොව ඒඞ්ස්ද?

advertistmentadvertistment
advertistmentadvertistment