ටෙනිස් ක්‍රීඩාව සඳහා රටවල් අතර ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කිරීමේ කාලය එළඹ ඇතැයි ප්‍රවීණ ඇමෙරිකානු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක් වන බිලී ජින් කිං පවසන්නීය.
ලෝක කුසලාන ටෙනිස් තරගාවලියක් සංවිධානය කරන්නේනම් කාන්තා හා පිරිමි කණ්ඩායම් ඒකාබද්ධව එම තරගාවලියට සහභාගි විය යුතු බවත් එහි කුසලානය දැනට කාන්තා ටෙනිස් ශූරතා තරගාවලිය සඳහා පිරිනමන කුසලානයේ සඳහන් තම නම සමග පිරිමින් සඳහා පිරිනමන ඩේවිස් කුසලානයේ නම ඒකාබද්ධ කර සිදු වනු දැකීමට කැමැත්තෙන් පසු වන බවද බිලි ජින් පවසා තිබේ.
දැනට ජගත් කාන්තා ටෙනිස් ආයතනය විසින් කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවන් සඳහා පවත්වන ශූරතා තරගාවලිය වන බිලි ජීන්ග් ටෙනිස් කුසලාන තරගාවලිය හා පිරිමි ක්‍රීඩකයන් සඳහා පැවැත්වෙන ඩේවිස් කුසලාන තරගාවලිය හැරුණු කොට වෙනත් ක්‍රීඩාවන් සඳහා මෙන් ටෙනිස් ක්‍රීඩාව සඳහා ලෝක කුසලාන
තරගාවලියක් නොපැවැත්වේ. බිලි ජින් කිං ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 39ක් දිනාගෙන ඇති 70 හා 80 දශකයේ ක්‍රීඩා කළ ටෙනිස් ක්‍රීඩිකාවක් වන අතර ලෝක මට්ටමෙන් පැවැත්වෙන කාන්තා ටෙනිස් ශූරතා තරගාවලියේ කුසලානය ඇයගේ නමින් නම් කර තිබේ.
ඒමන්ති මාරඹේ