ටෙනිස් අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

57

නේපාලයේ පැවැති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 20 වැනිදා සිට 24 දා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්විණි.

මෙසේ මෙම තරගාවලියෙන් අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිස එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු ටෙනිස් ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් හිමි කර ගෙන තිබේ.

එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් තෙවන ස්ථානය දිනා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment