ටෙනිස් ක්‍රීඩක බෙකර්ට ඉක්මනින් නිදහස

334

ණය ගෙවීම පැහැර හැරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන ගණනක් වටිනා දේපල සඟවා තැබීමේ චෝදනාව මත එංගලන්තයේදී අත්අඩංගුවට පත්ව වසර දෙකහමාරක සිරදඬුවමක් විඳිමින් සිටි ජර්මානු ජාතික හිටපු සුපිරි ටෙනිස් ක්‍රීඩකයකු වන බොරිස් බෙකර් කලින් නිදහස් කර එංගලන්තයෙන් පිටුවහල් කිරීමට එංගලන්ත අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

පනස් පස් හැවිරිදි බෙකර්ට ඉකුත් අප්‍රේල් මාසයේදී එංගලන්ත අධිකරණයක් විසින් වසර දෙකහමාරක සිර දඬුවමක් ලබා දෙනු ලැබුවේ ඔහු විසින් ලබා ගත් ණය මුදලක් ගෙවීම පැහැර හැරීම සඳහා බ්‍රි‍තාන්‍ය පවුම් මිලියන 2.5ක් වටිනා දේපළ සඟවා තැබීම ඇතුළු චෝදනා හතරකට වරදකරු බව ඔහු විසින් අධිකරණය හමුවේ පිළිගැනීම හේතුවෙනි. කෙසේ වුවද විදෙස් ජාතිකයකුට එංගලන්තයේදී මෙසේ සිරදඬුවමක් නියම වූ පසු ඔහුව නියමිත සිර දඬුවම සම්පූර්ණ වීමට පෙර නිදහස් කිරීමේ අවස්ථාවක් පවතින අතර එම අවස්ථාව යටතේ බෙකර්ව නිදහස් කර එංගලන්තයේ සිට ජර්මනියට පිටුවහල් කිරීමට අධිකරණය විසින් පියවර ගෙන තිබේ. නිදහස ලැබුණු පසු බෙකර් තම මිත්‍රයකුට අයත් පුද්ගලික ජෙට් යානයකින් ජර්මනිය බලා ගොස් තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment