කළුතර දුරකථන කුලුනේ බැටරි ගැළවූ බව කියන එම ආයතනයේම තාක්ෂණ ශිල්පියකු සහ රිය සහායකයකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
එම ආයතනයේම උසස් නිලධාරියකු විසින් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලින් පසු සොරාගත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් බැටරිද පොලිස් භාරයට ගෙන තිබේ.
විදුලි විසන්ධි වීමෙන් පසු දුරකථන කුලුනේ සංඥා පද්ධතිය ස්වයංක්රීයව ක්රියාත්මක විය යුතු බවට කොළඹ පාලක මැදිරියෙන් කළ දැනුම් දීමකින් පසු කළුතර ඉංජිනේරුවන් විසින් සොයා බැලීමේදී බැටරි ගළවා ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සොරකම් කරන ලද බැටරි 4ක් කළුතර වෙට්ටුමමංකඩ ප්රදේශයේ වෙළඳසැල්වලට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර තවත් බැටරි හතරක් තාක්ෂණ ශිල්පියා පදිංචි දොඩංගොඩ හර්මන් වත්ත ප්රදේශයේ නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගෙන තිබේ.
සැකකරුවන් කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පො.ප. ගයාන් ක්රිෂාන්ත, උ.පො.ප. ශ්රී රංගා, සැරයන් සම්පත් (60024) සහ කොස්තාපල් පෙරේරා (104938) යන නිලධාරීන් වැටලීමට එක්ව ඇත.
වාද්දුව – සුමිත් පොතුපිටිය